අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි තේමාව ඔස්සේ ආණ්ඩුව විසින් සංවිධානය කරන ජන රැළි මාලාවේ තවත් රැළියක් අද (27) ගම්පහ දී පැවැත්වෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම ජන රැළිය පැවැත්වෙන්නේ ගම්පහ නගර සභා පිටියේදී යි.
පස්වරු 3.30ට මෙම රැළිය ආරම්භවීමටයි නියමිතව ඇත්තේ.
ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් සංවිධානය කරන “අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” ජන රැළි මාලාව පසුගිය 06 වනදා කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා.
එහි පළමු රැළිය බුලත්සිංහල දී පැවති අතර, දෙවැනි රැළිය පැවැත්වුණේ බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේ දීයි.
ඉන් අනතුරුව පොළොන්නරුව, කහටගස්දිගිලිය, නොච්චියාගම, අකුරැස්ස සහ වැලිගම යන ප්‍රදේශවලදී ද මෙම ජන රැළි පැවැත් වුණා.













