හොරණ ඇඟලුම් කම්හලේ 206කට කොවිඩ්

හොරණ ගුරුගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආශ්‍රිතයන් 3137 දෙනෙකුට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ මගින් මේ වන විට ආසාදිතයන් 206 දෙනකු වාර්තා වී ඇති බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක පැවසීය.

හෙතම මේ බව පැවසුවේ හොරණ ගුරුගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ කොරෝනා පාලන සම්බන්ධීකරණ කමිටු රැස්වීම පෙරේදා (09 වැනිදා) හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී පැවති අවස්ථාවේදීය.

මේ යටතේ කර්මාන්ත ශාලාවේ සේවකයන් වෙනුවෙන් රජය මගින් පී.සී.ආර් පරීක්‍ෂණ 1031 ක් ද පෞද්ගලික අංශය මගින් පී.සී.ආර්. පරීක්‍ෂණ 2016 ක් සිදු කර ඇති අතර ඔවුන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට හා ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමටත් කටයුතු යොදා ඇති බව අනාවරණය විය.

මෙම හඳුනාගත් රෝගීන් හොරණ, බුලත්සිංහල, අගලවත්ත, මදුරාව, ඉංගිරිය, බණ්ඩාරගම වැනි තදාසන්න ප්‍රදේශවල පමණක් නොව රත්නපුරල කිරිඇල්ල, පාදුක්ක, මහනුවර, අනුරාධපුරය වැනි දුර බැහැර පළාත්වල සිටින බවද මෙහිදී හෙළිවිය.

ගබඩාවේ සේවය සඳහා 40 දෙනෙකුගේ කණ්ඩායමක් තෝරාගෙන ඔවුන්ට ඊයේ දිනයේ පී.සී.ආර්. පරීක්‍ෂණ සිදු කළ බවත් තවත් දින 2කින් පමණ කර්මාන්ත ශාලාවේ ගබඩාවේ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බවත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා පැවසීය.

ඉන්දික සංජීව විතාන – හොරණ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18