හොරණ ඇඟලුම් කම්හලේ 206කට කොවිඩ්

හොරණ ගුරුගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආශ්‍රිතයන් 3137 දෙනෙකුට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ මගින් මේ වන විට ආසාදිතයන් 206 දෙනකු වාර්තා වී ඇති බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක පැවසීය.

හෙතම මේ බව පැවසුවේ හොරණ ගුරුගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ කොරෝනා පාලන සම්බන්ධීකරණ කමිටු රැස්වීම පෙරේදා (09 වැනිදා) හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී පැවති අවස්ථාවේදීය.

මේ යටතේ කර්මාන්ත ශාලාවේ සේවකයන් වෙනුවෙන් රජය මගින් පී.සී.ආර් පරීක්‍ෂණ 1031 ක් ද පෞද්ගලික අංශය මගින් පී.සී.ආර්. පරීක්‍ෂණ 2016 ක් සිදු කර ඇති අතර ඔවුන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට හා ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමටත් කටයුතු යොදා ඇති බව අනාවරණය විය.

මෙම හඳුනාගත් රෝගීන් හොරණ, බුලත්සිංහල, අගලවත්ත, මදුරාව, ඉංගිරිය, බණ්ඩාරගම වැනි තදාසන්න ප්‍රදේශවල පමණක් නොව රත්නපුරල කිරිඇල්ල, පාදුක්ක, මහනුවර, අනුරාධපුරය වැනි දුර බැහැර පළාත්වල සිටින බවද මෙහිදී හෙළිවිය.

ගබඩාවේ සේවය සඳහා 40 දෙනෙකුගේ කණ්ඩායමක් තෝරාගෙන ඔවුන්ට ඊයේ දිනයේ පී.සී.ආර්. පරීක්‍ෂණ සිදු කළ බවත් තවත් දින 2කින් පමණ කර්මාන්ත ශාලාවේ ගබඩාවේ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බවත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා පැවසීය.

ඉන්දික සංජීව විතාන – හොරණ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42
Video thumbnail
පුද්ගලයෙක්ට සත්තම දාලා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පොලිස් ඩබල
00:38
Video thumbnail
වාහනයක් පසුපස පැන්නූසද්ධන්තයා පුද්ගලයෙකු දුටු සැණින් කැළෑවට දිව ගිය හැටි
00:33


?