මේ වන විට ලොව රටවල් කිහිපයකින්ම වාර්තා වී ඇති කොවිඩ් නව ප්‍රබේධය , දැඩි විකෘතිතාවයකින් යුත් “ඔමික්‍රෝන්” කොවිඩ් ප්‍රභේදයේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ වෛද්‍ය සංගමය මුලික කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකර තිබෙනවා.
පෙර වතාවන්ගේ මෙන්ම මස් පිඩු වේදනාව, සුළු කැස්ස, ඇඟේ තෙහෙට්ටුව එම රෝග ලක්ෂණ වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.නමුත් විශේෂ කාරනයක් ලෙස පෙන්වා දෙන්නේ මීට පෙර කොවිඩ් රෝගීන් අතර සුලභව පැවති ගඳ සුවඳ නොදැනීම මෙම නව කොවිඩ් ප්‍රභේදයේ දක්නට නොලැබෙන බවය.
මෙම කාරණා පිලිබද අදහස් දැක්වූනේ දකුණු අප්‍රිකානු වෛද්‍ය සභාවේ වෛද්‍ය ඇන්ජලික් කොඑට්සිය.නව වෛරස් ප්‍රභේදයක් ව්‍යාප්ත වෙන බවට පළමු වරට අනතුරු ඇඟවීමක් සිදුකරනු ලැබුවේ ද මෙම වෛද්‍යවරියයි. ඒ පසුගිය නොවැම්බර් මස 18 වෙනිදා ඇය හමුවට පැමිණි එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගැනීමත් සමගයි.
එම ආසාදිතයින්ගේ පවතින රෝග ලක්ෂණ අනුව සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයකින් නව වෛරස් ප්‍රභේදය හඳුනා ගෙන ඇත. කෙසේ වුවත් “ඔමික්‍රෝන්” වෛරස් ප්‍රභේදය පළමු වරට දකුණු අප්‍රිකාවෙන් හටගත් බවට පැහැදිලි සාක්ෂියක් නොමැති බවයි වාර්තා වෙන්නේ.