පරිප්පු කිලෝ 1740ක් අධිකරණය නියෝගයක් මත විනාශ කෙරේ

හැටන් කොටගල නගරයේ තොග වෙළදසැලක පරිභෝජනයට නුසුදුසු ගුල්ලන් සහිත කහ පරිප්පු කිලෝ 1740ක් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් සිය භාරයට ගෙන (09) දින හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා ඉදිරපත් කිරිමෙන් අනතුරුව එම පරිප්පු තොගය භූමිතෙල් ඉස විනාශ කිරිමට මහේස්ත්‍රාත්වරයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට නියෝග කර තිබෙනවා.

පරිප්පු තොගයේ අයිතිකරු අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා සැකකරුට රු.2000ක දඩයක් ගෙවන ලෙසටද දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත තලවකැලේ ලිදුල නගර සභාවේ කැලි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලද කහ පරිප්පු තොගය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් විනාශ කරනු ලැබුවා.

පරිප්පු තොගයේ වෙළදපොළ වටිනාකම රු. පන්ලක්ෂ විසි දෙදහසක් (5,22,000) වන අතර, කොටගල සෞඛ්‍ය වෙද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛය පරික්ෂකවරුන් විසින් පසුගිය දා කොටගල නගරයේ සිදු කල හදිසි පරික්ෂාවකදී ගබඩාවක සගවා තිබූ මෙම පරිප්පු තොගය සිය භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11