එංගලන්ත ඉදිරියේ ඉන්දියාවට අමිහිරි පරාජයක් – සූර්යවංශිට ජාත්‍යන්තර 20-20 වරම් හිමිවෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ තරග පහකින් සමන්විත 20-20 තරගාවලියේ පළමු තරගය ඉන්දියාව පරදා ජයගන්නට එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා.

මැන්චෙස්ටර් හිදී පැවති මෙම තරගය ඉන්දියාව පරාජය කරමින් සත්කාරක එංගලන්තය ජය ගත්තේ කඩුලු 04 කින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 190ක් රැස් කළා.

මෙම තරගයේ දී සිය මංගල ජාත්‍යන්තර 20-20 තරගයට ක්‍රීඩා කළ වෛභව් සූර්යවංශි ලකුණු 14ක් රැස් කළේ පන්දු 10කට මුහුණ දෙමින්.

එමෙන්ම ඉන්දීය ඉනිම වෙනුවෙන් ඉෂාන් කිෂාන් ලකුණු 49ක්, අභිෂේක් ෂර්මා ලකුණු 43ක් සහ නායක ශ්‍රෙයාස් අයියර් ලකුණු 37ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සෑම් කරන් පන්දුවාර 04ක් තුළ ලකුණු 33ක් ලබාදෙමින් කඩුලු 03ක් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය වෙනුවෙන් ජයග්‍රාහි ඉනිම ක්‍රීඩා කළ ජේකබ් බෙතෙල් පන්දු 46ක් තුළ ලකුණු 76ක් රැස් කළා.

ඊට අමතරව ටොම් බැන්ටන් සහ නායක හැරී බෲක් ලකුණු 39 බැඟින් රැස්කරමින් එංගලන්ත ජයග්‍රහණයට දායක වුණා.

ඒ, අනුව ඉන්දීය පිලෙන් හිමි වූ ලකුණු 191ක ඉලක්කය පන්දුවාර 19ක් තුළ කඩුලු 06ක් පමණක් දැවී පසුකර ගිය එංගලන්තය මෙම තරගය ජය ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52