මීගමුව බන්ධනාගාරය තුළ අද ඇතිවූ ගැටුමට හේතුව හෙළිවෙයි – බන්ධනාගාර කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

අද (06) පෙරවරුවේ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඊයේ (05) දිනයේ රැඳවියන් අතර ඇති වූ ගැටුමෙන් අනතුරුව අද (06) උදෑසන රැඳවියන් සඳහා ආහාර ලබාදීමට ගිය අවස්ථාවේ යළිත් රැඳවියන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගත් බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේ.

එම ගැටුම පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ අවස්ථාවේ දී රැඳවියන් එම නිලධාරීන් පහර දී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted