වීඩියෝ ඇමතුමකින් මිතුරිය බලා සිටිය දී හෝටල් කාමරයක් තුළ රේණුකා දිවි නසාගෙන

හෝටල් කාමරයක් තුළ දී මිතුරියකට වීඩියෝ ඇමතුමක් ලබා ගනිමින් සියදිවි නසාගත් කාන්තාවක් පිළිබඳව පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

හයිද්‍රාබාද්හි ලන්ගාර් හවුස් ප්‍රදේශයේ හෝටලයක් තුළ මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ 26 හැවිරිදි වියේ පසු වූ රේණුකා නැමැති කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

විවාහක තැනැත්තියක් වන මෙම කාන්තාවට දරුවෙකු ද සිටින අතර ඇය පබ් එකක සේවය කර ඇති බවයි තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

මෙලෙස සියදිවි නසාගත් කාන්තා පසුගිය බදාදා අලුයම් කාලයේ පිරිමි පුද්ගලයෙකු සමඟ අදාළ හෝටලයට පැමිණ කාමරයක් වෙන්කරවාගෙන තිබෙනවා.

කාන්තාව සමඟ පැමිණි පුද්ගලයා පසුදින එනම් බ්‍රහස්පතින්දා දින රාත්‍රී 10.30ට පමණ හෝටලයෙන් පිටව ගොස් ඇති බවත්, අදාළ කාන්තාව හෝටල් කාමරයේ රැඳී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

හෝටල් වාර්තාවලට අනුව ඇය එදින රාත්‍රී 11.56ට පමණ රාත්‍රී ආහාරය ඇණවුම් කර ඇති අතර, පසුව ඇය මිතුරියකට වීඩියෝ ඇමතුමක් ලබා දී එම ඇමතුම සමඟ සම්බන්ධ වී සිටිය දී සියදිවි හානිකරගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව දැන ගැනීමෙන් පසු හෝටල් කාර්ය මණ්ඩලය පොලිසියට මේ සම්බන්ධයෙන් දැනුම්දීමෙන් අනතුරුව
පොලිස් කණ්ඩායමක් හෝටලයට ගොස් විමර්ශන අරඹා තිබෙනවා.

මූලික පරීක්ෂණයක් පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර රෝහල වෙත යොමුකර ඇති අතර, හෝටලයෙන් සීසීටීවී දර්ශන පරීක්ෂා කරමින්, කාන්තාවගේ ජංගම දුරකථනය පරීක්ෂා කරමින්, ඇගේ මරණයට හේතු වූ සිදුවීම් තහවුරු කර ගැනීමට පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර අදාළ කාන්තාව සමඟ හෝටලය වෙත පැමිණි පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ද ප්‍රශ්න කරමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
4
+1
6
+1
10
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ ආරාධනයෙන් ආ හිටපු ජනපති රනිල්ට ලැබුණු පිළිගැනීම...
00:48
Video thumbnail
රට වටේ ඉන්න දක්ෂ ක්‍රීඩකයින් සොයා යන ගමන..ක්‍රීඩා ඇමති හෙළිකරයි
06:45
Video thumbnail
සජිත් ළඟට ආපු නාමල් රාජපක්ෂව උණුසුම් ලෙස පිළිගත්තු හැටි...
00:38
Video thumbnail
අර්චුනා හඬා වැටෙමින් පාර්ලිමේන්තුවම සංවේදී කරයි...
00:39
Video thumbnail
සජිත් එක්ක සාකච්ඡාවට නාමලුත් එයි
01:02
Video thumbnail
රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කාර්යාලයට එයි
01:06
Video thumbnail
කොටගල මන්ත්‍රීට ප#හරදුන් මාලිමාවේ සංවිධායකව අත්අඩංගුවට ගන්න කියලා උද්ඝෝෂණයක
02:16
Video thumbnail
විපක්ෂයේ හමුව ගැන මහින්දගෙන් සැර කතාවක් - යන එන මං නැතිවුණ විපක්ෂය බයවෙලා
02:41
Video thumbnail
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අජිත් පී පෙරේරා නැත්තටම නැතිකරයි
09:04
Video thumbnail
හෝමාගම සලිත කළ ගින්න ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්..පරිසර බලපත්‍රය 2023 ඉදන් අරගෙන නෑ ?
04:21