අස්ථානගත වූ යටියන්තොට පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරී ගිනි අවිය, කැළණි ගඟේ තිබියදී සොයා ගෙන තිබෙනවා.
ඒ, පොලිස් නාවික කිමිදුම් කොට්ඨාසය විසින් සිදුකළ පරීක්ෂාවකදීයි.
පසුගිය 26 වනිදා අදාළ ස්ථානාධිපතිවරයා රාජකාරි කටයුතු සඳහා පිටත්ව යාමේ දී පිස්තොල වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් රැගෙන ගොස් ඇති අතර යළිත් එම උණ්ඩ භාර දී තිබුණේ නැහැ.
ඒ අනුව ඔහුව සීතාවකපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පසුගිය ජුනි මස 27 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.














මොනවද යකෝ මේ නිවුස්..? කිසිම අගක් මුලක් නැති, විස්තරයක් හරිහට දන්නැති, මොකක්හරි කනට ඇහුන දෙයක් ලියනවා. ටිකක් හොයලා බලලා හරියට නිවුස් එකක් ලියපියව්කො. W 5 ගැන ටිකක් ඉගෙන ගනිල්ලා.