ඔබේ ප්‍රදේශයත් අවදානම් ද ?

කොවිඩ් ආසාදිතයින් අතරින් කළු දිලීර රෝගය වාර්තා වූ රෝගීන් කොළඹ, කුරුණෑගල සහ රත්නපුර ප්‍රදේශවලින් මේ වනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද (15) කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේදී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඒ බව පැවසීය.

“දැනට කළු දිලීර රෝගීන් හමුවෙලා තියෙන්නේ කොළඹ ජාතික රෝහලෙන්, කුරුණෑගලින් සහ රත්නපුරයෙන්. ඒ වගේ රෝහල් ගණනාවකින් හමුවෙලා තියෙනවා. මේකෙ රෝග ලක්ෂණ තීරණය වෙන්නේ ඒ රෝගය හැදෙන ස්ථානය මතයි. මේක සමේ, නාසය, මොළය ආශ්‍රිතව, පෙනහළුවල, ඇස හෝ ඇස ආශ්‍රිතව, ශරීරයේ අභ්‍යන්තරව තියෙන මතුපිටවල් ඕනම තැනක හැදෙන්න පුළුවන්. මෙහි මූලික විෂබීජය දිලීරයක්. ඒක පරිසරයේ තියෙන්නේ. ආවට ගියාට මේ රෝගය කාටවත් හැදෙන්නේ නෑ. ශරීරයේ ප්‍රතිශක්තිය අන්තිමටම හීන වුණොත් ඒ පුද්ගලයින්ට පමණයි මේක ඇතිවෙන්නේ. පාලනය නොකළ බෝ නොවන රෝගවලින් පෙළෙන අයට, ඉන්ද්‍රියන් බද්ධ කරපු අයට (ප්‍රතිශක්තිකරණයට බෙහෙත් දෙන) මේක වැඩියෙන්ම හැදෙන්න ඉඩ තියෙනවා. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට යන්නේ නෑ. රෝගය බෝ වෙන්නේ පරිසරයෙන්. මේක ශරීරගත වෙලා ආසාදන තත්ත්වයට පත්වෙන්නේ ප්‍රතිශක්තිකරණය ඉතාමත්ම දුර්වල වෙලා ඉන්න අයට. මෙහි වඩාත්ම වැදගත් වන්නේ අවදානම් කණ්ඩායම හඳුනාගැනීම. විශේෂයෙන්ම පරිසරයේ දිරාපත්වන කසල පුස් ආදිය රැඳෙන ස්ථානවලින් තමයි වායුගෝලයට මේකේ බීජාණු එකතු වෙන්නේ. ඉතින් එවැනි රෝගීන් තමන්ට එවැනි රෝගයක ලකුණක් හරි තියෙන වෙලාවක වෛද්‍ය උපදෙස් ලබාගැනීම තමයි වැදගත් වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46