22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී ආණ්ඩුව තුළ සුළු බෙදීමක් ඇති වූ බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනයවන අද (25) දිනයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සභානායකවරයා මේ බව පැවසුවා.
ආණ්ඩුවක් ලෙස ජාතික ජනබලවේග ආණ්ඩුව මෙතෙක් දෙකට බෙදී කටයුතු නොකළ බවත්, මෙම ව්‍යවස්ථා සංශෝධනයේ දී සුළු බෙදීමක් ආණ්ඩුව තුළ සිදු වූ බවත්, එය ආණ්ඩුවක් ලෙස දැනගෙන කටයුතු කරන බවත්, ඒ පිළිබඳව ගණනය කිරීමක් ද ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළා.
කෙසේ වෙතත් විපක්ෂය විසින් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළ බවයි සභානායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.













