කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ – සුබ පණිවුඩයකුත් අරන් අගමැතිනිය ප්‍රදර්ශනය විවෘත කිරීමට එයි

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය අද (25) දිනයේ සිට ලබන ඔක්තෝම්බර් මස 04 වනදා දක්වා පැවැත් වෙනවා.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන 400ක් ඇතුළත් වනවා.

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අරඹමින් එහි ප්‍රධාන ආරාධිතයා වූ අග්‍රාමාත්‍යවරිය මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ ජනාධිපතිවරයා පොරොන්දු වූ ආකාරයට ප්‍රකාශකයින් සඳහා බදු සහන ලබාදීමට මෙවර අයවැයෙන් කටයුතු කරන බවයි.

ඒ, අනුව පොත් වෙනුවෙන් පනවා ඇති වැට් බද්ධ මෙවර අයවැය තුළින් වෙනසක් කිරීමට හැකිවනු ඇති බවට වූ පණිවුඩය දැනුම්දෙන ලෙස ජනාධිපතිවරයා තමන්ට පැවසූ බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23