එදිනෙදා වැඩ රැසකට නොවැම්බර් 01 වැනිදා සිට TIN අංකය අනිවාර්ය වෙයි

2026 නොවැම්බර් 01 සිට ක්‍රියාත්මක වන පරිදි කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ අනුව,

  • යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක යම් ගිණුමක් විවෘත කිරීම
  • ගොඩනැගිලි සැලැස්මකට අනුමැතිය ලබා ගැනීම
  • මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම
  • මෝටර් වාහන බලපත්‍රය අලුත් කිරීම
  • ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම
  • ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම
  • ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම, පැවරුම්ලාභියකු සහ පැවරුම්කරුවකු විසින් සිදු කරන විට
  • ණය කාඩ්පතක් ලබා ගැනීම

ඉහත කටයුතු සඳහා වලංගු TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව නිවේනදයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ කාර්යයන් සිදු කර ගැනීමට පෙර TIN අංකය වලංගු බවට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් තහවුරු කරගත යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

මේ වන තෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයින්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා, https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader යන සබැඳිය ඔස්සේ, ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

එමෙන්ම තමන් සතුව ඇති TIN අංකය වලංගුද යන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා තහවුරු කරගැනීමටද, https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index යන සබැඳිය භාවිතා කළ හැකියි.

තහවුරු කිරීම සාර්ථකව සිදු වූ පසු TIN අංකය තිරයේ දිස්වන අතර, පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ TIN අංකය පැහැදිලිව දැක්වෙන මුද්‍රිත පිටපතක්ද නිශ්චිත කාර්යයන් සඳහා නිල TIN සහතිකය වෙනුවට පිළිගත හැකි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරය අදාළ නිවේදනයේ සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16