විමල් අධිකරණය අවමානයට ලක් කිරීම ගැන විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය අධිකරණයට දන්වයි

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව ලබා දුන් නියෝගයක් ප්‍රසිද්ධ රැස්වීමක දී අපහාසයට ලක් කරමින් හිටපු ඇමති විමල් විරවංශ අධිකරණය අවමානයට ලක් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන හමුවේ දන්වා සිටියා.

සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම විසින් පොලිස්පතිවරයා හට කරන ලද පැමිණිල්ලකට අදාළව විමර්ශනය ආරම්භ කළ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දන්වා සිටියේ.

ඒ, අනුව කරන ලද ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකරන ලද දර්ශණ මාධ්‍ය ආයතන 07 කින් ලබාගැනීමට නියෝග නිකුත් කරන ලෙසද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා අදාළ මාධ්‍ය ආයතන හතට නියෝග නිකුත් කරමින් විමර්ශන ප්‍රගතිය අධිකරණයට දන්වා සිටින ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝග කළා.

අධිකරණය විසින් ගියවර නඩු දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හට අධිකරණය විසින් ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් සැප්තැම්බර් 12 වැනිදා විමල් වීරවංශ රැස්වීමක දී සිදුකළ ප්‍රකාශය මගින් අධිකරණයට අපහාස වීමක් වී ඇද්ද යන්න සම්බන්ධයෙන් සලකා බලා කටයුතු කරන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පෙර නඩු දිනයක දී දන්වා තිබුණා.

එම රැස්වීමේ දී කරන ලද ප්‍රකාශයට අයත් සි.ඩි පටයක්ද අධිකරණයට ඉදිරිපත් කරමින් මේ බව අධිකරණයට දන්වා සිටියා.

එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට පෙර නඩු දිනයේ දී පොලිස්පතිවරයාට නියෝග කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51