මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ හිටපු ජනපති රනිල් අතර හමුවක්

මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද (25) පවත්වා තිබෙනවා.

ඒ කොළඹ මල්පාර පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදීයි.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු භාර නිලධාරී රාම් බාබු ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.