22 සංශෝධනයේ දී ආණ්ඩුව තුළ බෙදීමක් ඇති වූ බව ඇමති බිමල් පිළිගනී

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී ආණ්ඩුව තුළ සුළු බෙදීමක් ඇති වූ බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනයවන අද (25) දිනයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සභානායකවරයා මේ බව පැවසුවා.

ආණ්ඩුවක් ලෙස ජාතික ජනබලවේග ආණ්ඩුව මෙතෙක් දෙකට බෙදී කටයුතු නොකළ බවත්, මෙම ව්‍යවස්ථා සංශෝධනයේ දී සුළු බෙදීමක් ආණ්ඩුව තුළ සිදු වූ බවත්, එය ආණ්ඩුවක් ලෙස දැනගෙන කටයුතු කරන බවත්, ඒ පිළිබඳව ගණනය කිරීමක් ද ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

කෙසේ වෙතත් විපක්ෂය විසින් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළ බවයි සභානායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41