මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 55කට අධික මත්ද්‍රව්‍ය නාවික හමුදාවෙන් අත්අඩංගුවට

ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් 25 වනදා දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වල දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 300ක් නීතිය හමුවට යොමුකර ඇති බව කමාන්ඩර් චමින්ද වළාකුළුගේ පවසනවා.

රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව අද (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළා.

මෙම මෙහෙයුම්වල දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රා 53ක් ද නාවික හමුදා භාරයට ගත් බවයි කමාන්ඩර් චමින්ද වළාකුළුගේ සඳහන් කර සිටියේ.

එමෙන්ම මෙලෙස අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍යවල වටිනාකම බිලියන 55 කට අධික බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

මේ අතර කොකේන් කිලෝ 256ක්, කන්සා කිලෝ 862ක්, අයිස් කිලෝ 590ක්, හෙරොයින් කිලෝ 1080ක්, හෂිෂ් කිලෝ 51ක් සහ මත්පෙති මිලියන 04ක් මෙම කාලසීමාව තුළ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47