රජයේ ඉඩම් හොරට විකුණන්න හැදූ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

හැටන්, රුවන්පුර ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්වලින් ඉඩම් ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගත් ලංකා කම්කරු කොන්ග්‍රසය නියෝජනය කරමින් හැටන් – දික්ඔය නගර සභාවට තේරී පත් වූ නාගරික මන්ත්‍රී සුන්දරරාජ් ප්‍රභාකරන්ව ඊයේ (24) දින රාත්‍රියේ හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිළධාරියෙකු සමග එක්ව හැටන්, රුවන්පුර ප්‍රදේශයේ පදිංචිකරුවන් කිහිපදෙනෙකුගෙන් රු.හය ලක්ෂ තිස් පන්දහසේ සිට රු.ලක්ෂ 10 දක්වා ගිණුමට මුදල් බැර ගෙන එම ඉඩම් ලබා නොදිම සම්බන්ධයෙන් මුදල් ලබා දුන් අයෙකු විසින් හැටන් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුට මුදල් ලබා දුන් තවත් පාර්ශවයකින්ද පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් වී තිබුණා.

සැකකරුගේ බැංකු වාර්ථා පස්සේ මේ වන විට විමර්ශන සිදු කෙරෙන අතර, සිද්ධියට සම්බන්ධ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිළධාරියා ද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16