සුප්‍රසිද්ධ දූරකථන සමාගමක ෆයිනෑන්ස් ආයතනයක මූල්‍ය වංචාවක් – අධිකරණයෙනුත් නියෝගයක්

ප්‍රසිද්ධ පෞද්ගලික දූරකථන සමාගමක ෆයිනෑන්ස් ආයතනයේ ප්‍රධාන ගිණුමකට සම්බන්ධ ගිණුම් 125ක තිබූ රුපියල් කෝටි 5ට අධික මුදලක් එම ආයතනයේම බැර කාඩ්පත් භාවිතා කරමින් වංචා සහගතව ලබාගෙන ඇතැයි කියන සැකකරුවන් කීප දෙනෙකුගේ ගිණුම් 100ක් පිළිබඳ ව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය වෙත දැන්වූවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන වන විට සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට අමතරව තවත් සැකකරුවන් 15 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හා අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවන් අදාළ ආයතනයේ බැර කාඩ් පත් ලබාගෙන ඒ හරහා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධවී එහි ප්‍රධාන ගිණුමට සම්බන්ධ ගිණුම් 125 ක තිබූ රුපියල් මිලියන 53 ක මුදලක් එසේ වංචා සහගතව ලබාගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් පස් දෙනෙකුගෙන්, සිව් දෙනෙකු ඇප මත මුදාහැර තිබෙන අතර එක් සැකකරුවෙකු මෙම මස 30 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

සිද්ධියට අදාළව හඳුනාගෙන ඇති 6 හා 7 යන සැකකරුවන් දෙදෙනා විදෙස් ගතවීමේ අවදානමක් පවතින බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට විමර්ශන නිලධාරීන් කරන ලද ඉල්ලීමට අධිකරණයේ අවසරය හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15