දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ නායයෑම් හා ගංවතුර හේතුවෙන් නිවාස අහිමි වී, පදිංචිවීමට වෙනත් නිවසක් නොමැති වැසියන් වෙනුවෙන් ලබා දෙන මාසික නිවාස කුලී දීමනාව දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව එම දීමනාව තවත් මාස 03කින් දීර්ඝ කිරීමට අනුමැතිය ලැබී ඇති බවයි මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ.
මීට පෙර ක්‍රියාත්මක වූ නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ, සුදුසු ස්ථානයක නව නිවසක් ඉදිකර ගන්නා තෙක් තාවකාලිකව පදිංචි වීම සඳහා ලබාදී තිබුණේ මාස 06ක කාලයක්.
අමාත්‍ය මණ්ඩලයේ නව තීරණයට අනුව එම කාලය මෙලෙස තවත් මාස 03 කින් දීර්ඝ කර ඇති අතර, ඒ අනුව උපරිම මාස 09ක කාලයක් දක්වා මාසිකව රුපියල් 25,000 බැගින් මෙම ගෙවල් කුලී දීමනාව හිමිවනවා.













