චීනයෙන් බෞද්ධ ආයතනවලට ඩොලර් බිලියන ගණනක දැවැන්ත ආයෝජනයක්

ආසියානු කලාපය තුළ තම දේශපාලන හා සංස්කෘතික බලය (Soft Power) ව්‍යාප්ත කිරීමේ අරමුණින්, චීනය විසින් බුද්ධාගම සහ බෞද්ධ ආයතන කේන්ද්‍ර කරගනිමින් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියක් දියත් කර ඇති බව බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය වාර්තා කරනවා.

දීර්ඝ කාලයක සිට බුද්ධාගමේ උරුමය තමන් සතු බව පවසන ඉන්දියාවට සෘජු අභියෝගයක් එල්ල කරමින් චීනය දියත් කර ඇති මෙම නව උපක්‍රමය කෙරෙහි අමෙරිකානු ආරක්ෂක අංශවල ද දැඩි අවධානයක් යොමු වී තිබෙනවා .

චීන කොමියුනිස්ට් පක්ෂය (CCP) විසින් ලොව පුරා නව බෞද්ධ විහාරස්ථාන, විශ්වවිද්‍යාල සහ සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා විශාල වශයෙන් ප්‍රතිපාදන වෙන් කරමින් සිටිනවා.

විශේෂයෙන්ම බුදුන් වහන්සේ උපන් ස්ථානය වන නේපාලයේ ලුම්බිණි (Lumbini) කලාපය සංවර්ධනය කිරීම සඳහා චීනය මිලියන ගණනින් මුදල් පොම්ප කරමින් සිටින අතර, මෙමඟින් කලාපීය බෞද්ධ ජනතාවගේ ආකර්ෂණය සහ රාජ්‍ය තාන්ත්‍රික හිතවත්කම දිනා ගැනීමට බීජිං පාලනය උත්සාහ කරයි. මීට පෙර භෞතිකවාදී මතවාදයන් දැඩිව අගය කළ චීනය, දැන් බුද්ධාගම “පෞරාණික චීන ආගමක්” ලෙස හඳුන්වමින් ලෝකය හමුවේ ප්‍රවර්ධනය කිරීම කැපී පෙනෙන වෙනසක් .

මෙම ආයෝජන පිටුපස ඇති ප්‍රධානතම සහ වඩාත්ම සංවේදී දේශපාලන අරමුණ වන්නේ 14 වැනි දලයි ලාමා (Dalai Lama) තුමන්ගේ අනුප්‍රාප්තිකයා (Successor) තේරීමේ ක්‍රියාවලිය පාලනය කිරීමයි.

දැනට ඉන්දියාවේ ධර්මශාලාහි පිටුවහල්ව ජීවත් වන දලයි ලාමා තුමන්ගේ වයස අවුරුදු 90ක් වන බැවින්, උන්වහන්සේගෙන් පසු පත්වන 15 වැනි දලයි ලාමා අනුප්‍රාප්තිකයා චීන රජයේ පූර්ණ පාලනය සහ අනුමැතිය යටතේ චීනය තුළින්ම පත් කරගැනීමට බීජිං පාලනය සැලසුම් සකස් කරමින් සිටිනවා.

චීනයේ මෙම ආක්‍රමණශීලී බෞද්ධ රාජ්‍ය තාන්ත්‍රිකභාවය (Buddhist diplomacy) හේතුවෙන් ඉන්දියාව සිය සංස්කෘතික අනන්‍යතාව රැකගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර, ටිබෙට් බුද්ධාගමේ අනාගතය කොමියුනිස්ට් පාලනයක් යටතට පත්වීම වැළැක්වීම සඳහා ඉන්දීය සහ අමෙරිකානු බලධාරීන් මේ වන විට විකල්ප උපායමාර්ගයන් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ද බ්ලූම්බර්ග් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොල්පිති ඇමතිලා රටට ඕනි නෑ - මේ ඇමති සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්ද ?
05:39
Video thumbnail
ඉල්ලා අස්වෙන්න ඕනි නම් ඉස්සෙල්ලම විපක්ෂ නායක අස්වෙන්න - සාර්ථක වුණානම් එයා ඉන්නේ ජනපති පුටුවේ
07:21
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ව මිණීම#වන් කරන්න එපා - තොරතුරු ගන්න බෑ..ඒ ඔෆිස් ගිනි තියලා තියෙන්නේ
05:00
Video thumbnail
මහින්දට කට උත්තර නැතිවෙන්න චාමර දුන්න උත්තරය - උඹලයි අපියි තමයි මහින්දව 2005 ජනපති කළේ ?
01:39
Video thumbnail
චාමරගෙන් ආන්දෝලනාත්මක කතාවක් - බන්ධෙ පොලිසිය එක්ක එයාලට තරහක් තියෙනවා
05:16
Video thumbnail
චාමර ඇඟිල්ල දික් කරලා කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා - මචං උඹලටත් වැරදුණා අපිටත් වැරදුණා
04:47
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.07
09:09:42
Video thumbnail
මීගමුව ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
01:22
Video thumbnail
වීඩියෝවක් පෙන්නලා විපක්ෂයේ කෙරුවාව නිරුක්ෂ එළියට දායි - අධිකරණ ඇමති කරන්නේ නාමල් රාජපක්ෂද ?
13:20
Video thumbnail
බන්ධනාගාරයවත් ආරක්ෂා කරන්න බැරි තත්ත්වයට රට පත්වෙලා
01:46