රථවාහන දඩ පිළිබඳව වංචනික SMS හා වට්ස්ඇප් පණිවිඩ ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

සැක සහිත වෙබ් සබැඳි හරහා මාර්ගගතව රථවාහන දඩ මුදල් ගෙවන ලෙස උපදෙස් දෙන වංචනික කෙටි පණිවුඩ සහ වට්ස්ඇප් පණිවිඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය රියදුරන්ට අනතුරු ඇඟවීමක් කරනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් (DMT) පැමිණෙන බව දැක්වෙන එම පණිවිඩවල සඳහන් වන්නේ, චෝදනා එල්ල වන රථවාහන වැරදි සඳහා සතියක් ඇතුළත දඩ මුදල් ගෙවිය යුතු බවයි.

කෙසේ වෙතත්, රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර පැවසුවේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් එවැනි දැනුම්දීම් නිකුත් කර නොමැති බවත්, එම පණිවිඩ සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවා බවයි.

නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහජනතාවගෙන් ඉල්ලා සිටියේ එලෙස පැමිණෙන සබැඳි විවෘත නොකරන ලෙසත්, පුද්ගලික හෝ බැංකු තොරතුරු ලබා නොදෙන ලෙසත් හෝ එම පණිවිඩවලට ප්‍රතිචාර නොදක්වන ලෙසයි.

බලපෑමට ලක් වූ ඕනෑම අයෙකු වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසට ඔහු දන්වා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18