හරීන් සහ මනූෂගේ පෙත්සම් විභාගයේ තීන්දුව දින නියමයක් නොමැතිව කල් තැබේ

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීති විරෝධී බවත් එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව අද (22) දින කල් තැබුවා.

විජිත් මලල්ගොඩ, අචල වෙංගප්පූලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

අද නඩු විභාගය ආරම්භ වූ අවස්ථාවේදී මනූෂ නානායක්කාර අමාත්‍යවරයා වෙනුවෙන් නැවත කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව සාමාජිකත්වය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය එහි කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත පැවරීතිබෙන බව අවධාරණය කළා.

විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලතල පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයා වෙත පැවරීනොමැති බව පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා ඒ අනුව, සේවාදායකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගත් තීරණය නීතියට පටහැනි බවත් සඳහන් කර සිටියා.

එසේම තම සේවා දායකයාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පැවැති බවට අධිකරණය හමුවේ කරුණු තහවුරු කිරීමට වගඋත්තරකරුවන් අසමත් වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

සිය සේවාදායකයාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට පෙර සාධාරණ විභාගයක් ලබා දීමට සමගි ජන බලවේගයේ විනය කමිටුව අපොහොසත් වී ඇති බවත් ඒ තුළින් වග උත්තරකරුවන් ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් තර්ක කර සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම් විභාගය අවසන් කළ අතර මෙම එහි තීන්දුව ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල්තැබූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51