බදු වංචාවකින් යාන්තමින් ගැලවුණු ශකීරා

කොලොම්බියානු ජනප්‍රිය ගායිකා ශකීරා තමන්ට එරෙහිව රාජකීය ස්පාඤ්ඤ අධිකරණයේ පැවරෙන්නට ගිය නඩුවක් සමථයකට පත් කරගැනීමට සමත් ව තිබෙනවා.

ඒ ස්පාඤ්ඤ නඩු පවරන්නන් සමග එක් ව සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

2012 සහ 2014 යන වර්ෂවල දී ශකීරා ඉපැයූ ආදායම් බද්දෙන් යුරෝ මිලියන 14.5ක (ඩොලර් මිලියන 15.7) ක මුදලක් රජයට ගෙවීමට ඇය ක්‍රියා නොකිරීම හේතුවෙනුයි ශකීරාට රජයේ අධිකරණ පාර්ශ්වයෙන් නඩු පැවරීමට පියවර ගෙන තිබුණේ.

මෙම සුප්‍රසිද්ධ ගායිකාවට එරෙහි ව පැවරීමට ගිය නඩුව ඇය යුරෝ මිලියන 7.5ක දඩ මුදලක් ගෙවා සමථයකට පත් කරගැනීමට ද සමත් ව තිබෙනවා.

එමෙන්ම තුන් වසරක කාලයක් ඇයව සිරගත කරලීම වළක්වාලීමට ඇය තවත් යුරෝ මිලියන 438,000ක මුදලක් ගෙවීමට ද බාර්සිලෝනා අධිකරණයට එකඟ වී ඇති බවත් වාර්තා වනවා.

2011 වසරේ දී ශකීරා ලොව සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන බාර්සිලෝනා ක්‍රීඩක ජෙරාඩ් පික් සමග සබඳතාවක් පැවැත් වූ අතර, ඉන් පසුව ඇය පදිංචිය මාරු කරනුයේ ස්පාඤ්ඤ වෙතයි.

නමුත් ඇය පවසන්නේ ස්පාඤ්ඤයේ දිගු කාලයක් තමන් ජීවත් නොවුණු බවයි.

කෙසේවෙතත් ස්පාඤ්ඤ සිවිල් අධිකරණ නීතියට අනුව රට තුළ මාස 06කට අධික කාලයක් වෙසෙන්නෙකු එරට නීතියෙන් ස්ථිර පදිංචිකයෙකු ලෙසටයි පිළිගැනෙන්නේ.

ශකීරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පැවසුවේ ශකීරා ජීවත් ව ඇත්තේ 2014 වන තෙක් ස්පාඤ්ඤයේ සංචාරකයෙකු වශයෙන් බවයි.

ඇයගේ ආදායම් සියල්ල ම ස්පාඤ්ඤයේ දී නොව ජාත්‍යන්තර සංචාරවලින් උපයාගත් ඒවා බවට ද තර්ක කර තිබෙනවා.

තමන් කලක් ස්පාඤ්ඤ පුරවැසියෙකු සමග ප්‍රේම සබඳතාවක් පැවැත්වූ හෙයින් මෙලෙස තමන්ට බදු නොගෙවූ බවට චෝදනා කිරීමට එරට නීතිඥවරුන් සමහරක් උත්සාහ දරන බවත්, තමන් මේ වනවිටත් යුරෝ මිලියන 17.2ක බදු මුදලක් ගෙවා ඇති හෙයින් කිසිදු හිඟ ණයක් තමන්ට නොමැති බව ද ඇය කියා සිටියා.

ශකීරාට එරෙහිව එල්ල වූ 2019 වර්ෂයේ දී වෙනත් නඩුවක දී මෙන් ම 2008 සහ 2010 අතර කාලයේ බදු පැහැර හැරීම සම්බන්ධයෙන් ද ස්පාඤ්ඤ අධිකරණය විසින් ශකීරාගේ පෙර පෙම්වතා වූ ජෙරාඩ් හට යුරෝ මිලියන 2.1ක දඩයක් ද නියම කළා.

මේ ආකාරයෙන් ස්පාඤ්ඤ තුළ ජීවත් වෙමින් බදු පැහැර හැරීම සම්බන්ධයෙන් මීට පෙර ද දියගෝ කොස්තා, ලියොනල් මෙසී, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වැනි ප්‍රබල ක්‍රීඩකයින්ට පවා ද විශාල ප්‍රමාණයේ බදු මුදල් දඩ පනවා ඒවා අයකරගෙන ද තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35