හෙට පැවැත්වෙන තරගයට ඇති සූදානම ගැන පිතිකරණ පුහුණුකරුගෙන් ප්‍රකාශයක්

නවසීලන්තය සමග හෙට පැවැත්වෙන තරගයේදී හැකි උපරිමයෙන් තරග කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් පවසනවා.

හෙට තරගයට පවතින සූදානම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මෙම අදහස් පළකළේ.

සෑම ක්‍රීඩකයෙකුම ධනාත්මකව තරගයට අවධානය යොමු කර ඇති අතර හෙට හොඳින්ම තරග කිරීමට උත්සාහ කරන බව නවීඩ් නවාස් සඳහන් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය සම්බන්ධයෙන් යොමු වූ පැනයකට පිළිතුරු දෙමින් පිතිකරණ පුහුණුකරු පෙන්වා දුන්නේ චරිත් අසලංක, සධීර සමරවික්‍රම, පැතුම් නිස්සංක මෙන්ම කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන් මෙම තරගාවලියේදී සාධාරණ දස්කම් දක්වා ඇති බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය පිළිබඳ පවතින කනස්සල්ල මෙම තරගාවලිය තුළ පමණක් සිදුවූ දෙයක් නොවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

පන්දු යැවීම පන්දු රැකීම මෙන්ම පිතිකරණයේදී බොහෝ විට වැරදි සිදුවන අතර පන්දු යැවීම හොඳින් සිදුවන අවස්ථාවල හොඳින් පිතිකරණයේ නිරතවීම සිදු නොවූ බව පුහුණුකරුවා ප්‍රකාශ කරනවා.

තම මතය වන්නේ කණ්ඩායමට මීට වඩා හොඳින් ක්‍රීඩා කිරීමට අවස්ථාව පැවති බවයි නවීඩ් නවාස් කියාසිටියේ.

අවසන් වූ තරග සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට හෝ නිවසට යාම පිළිබඳ අවධානය යොමු නොකරන අතර සම්පූර්ණ අවධානය හෙට තරගය ජය ගැනීමට බවයි ඔහු ප්‍රකාශ කළේ.

දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.

දසුන් ශානක හොඳ නායකයෙකු බව ඔප්පු කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකයෙකු ලෙස දස්කම් දක්වා තිබෙනවා. ඒ වගේම අපි තරගාවලියට එනකොට එයා හොඳටම හිටියා. ඒ වගේම අපිට ප්‍රධාන නායකයා අහිමි වීම අවාසනාවන්තයි, තරඟාවලියේ නායකයා පත් කරපු නමුත් ඒකත් අසාධාරණයි, කුසල් මෙන්ඩිස්ගේ නායකත්වය ගැන තරඟ දෙකකින් තීන්දුවක් ගත්තොත් ඒකත් කුසල්ට ලොකු බරක් වෙන්න තිබුණා. ලෝක කුසලානයක් අතරතුර. මම හිතන්නේ දෙන්නම හොඳ නායකයෝ. දෙන්නම දැන් කාලෙක ඉඳන් හොඳට ක්‍රිකට් ගැහුවා. නමුත් මෙතරම් කෙටි කාලයක් තුළ කුසල්ගේ නායකත්වය විනිශ්චය කිරීම තරමක් අසාධාරණ බව මම හිතනවා.

නායකත්වය භාර ගැනීමෙන් පසු කුසල් මෙන්ඩිස්ගේ දක්ෂතා අඩු මට්ටමකට පැමිණ ඇති බවට ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රකාශ කළා. ඊට ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලබාදුන්නේ මෙවන් පිළිතුරක්.

මම හිතන්නේ එය මානසික තත්වයක් කියලා. අපි බොහෝ සාකච්ඡා සිදු කර ඇති අතර ඔහුට ඔහු කැමති ආකාරයෙන් කටයුතු කිරීමට නිදහස ලබා දී තිබෙනවා.

අපි තරඟාවලියට පෙර සාකච්ඡා කළ අතර සියලුම ක්‍රීඩකයින් ධනාත්මක වේගයකින් ක්‍රීඩා කරන බවට එකඟ වුණා. ඔබ ක්‍රීඩා කළ යුත්තේ එලෙසයි, අපද සාර්ථක වී ඇත්තේ එලෙසය. ඒ වගේම කුසල් මෙන්ඩිස්ගේ ප්‍රවේශයේ වෙනසක් නැහැ. අපි ඔහුට පවසා ඇත්තේ ඔහු පිටියේ නායකත්වය දරන්නේ පන්දු යවන විට පමණක් බවයි. ඒ ඔහු මැදට ගිය විට, නායකයෙකු ලෙස ඒ බර උසුලාගෙන යාමට නොවේ, අපි ඔහු මත නායකත්වයේ බර පැටවීමට උත්සාහ නොකර හැකිතාක් ඔහුගේ මනස පිරිසිදු කිරීමට උත්සාහ කළා.

ලෝක කුසලානය වැනි වැදගත් තරගාවලි මැද නායකත්වය බාර ගැනීම ඔහුට අමතර බරක් වන්නට ඇතැයි මට විශ්වාසයි. මම හිතන්නේ ප්‍රධාන වශයෙන්ම පිතිකරුවන් සම්බන්ධයෙන් ගත් කල, මම සිතන්නේ එය මානසික පැහැදිලිකම ගැනයි, මන්ද ඔවුන් හදිසි පහරක් ක්‍රීඩා කර පිටතට යා හැකි බැවින්.

  1. THAMUSE GE BATTING TRAINING SAHA BATTING PRACTICE WALA THARAMA API DAKKA. DANWATH OKA DALA NAMBU PITIN GEDARA PALA. KISI DAWASAKA MEHEMA ANTHA PARAJAYAK WORLD CUP EKAKADHI WELA NAHE. YOU ARE FAIL. GO HOME. OTHERWISE PARLIAMENT SEND YOU HOME, IF NOT PEOPLE SEND YOU HOME



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18