කිසිම කණ්ඩායමක් මෙවැනි පහත් වැඩක් කරනවා මීට පෙර දැක නැහැ – මැතිව්ස්

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ 08 වන තරගය ඊයේ (06) රාත්‍රියේ අවසන් වුණේ බංග්ලාදේශය ඉදිරියේ අනපේක්ෂිත පරාජයක් වැළඳගනිමින්.

මෙම තරගයේ සිදු වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවීයාම සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රිකට් ලෝකයේ දැඩි කතාබහකට ලක්ව ඇති මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

බංග්ලාදේශ කණ්ඩායම විසින් මැතිව්ස්ගේ කඩුල්ල ලබාගත් ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු මත පළකර ඇත්තේ, එය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානිකළ සිදුවීමක් බවටයි.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට මැතිව්ස් එක්ව සිටියා.

එහිදී මාධ්‍යවේදීන් මෙම දැවීයාම සම්බන්ධයෙන් ඔහුගෙන් කරුණු විමසීමට කටයුතු කළා.

ඇන්ජලෝ මැතිව්ස් මෙහිදී සඳහන් කර සිටියේ වසර 15ක සිය ක්‍රිකට් දිවිය තුළ කණ්ඩායමක් මෙතරම් පහත් තත්ත්වයකට කටයුත්තක් සිදුකරන අයුරු තමන් මීට පෙර නොදුටු බවයි.

මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිව්ස් සඳහන් කළේ,

“නීතියේ එය තිබෙන්නට පුළුවන්, විනිසුරුවරයා අවුට් දෙන්නට පුළුවන්, නමුත් හැමෝම දැක්කා එතන මොනාද වෙලා තිබුණේ කියලා. මම එතන හිතාමතා කාලය නාස්ති කළේ නැහැ, මම සිතන්නේ නැහැ බංග්ලාදේශය හැර වෙනත් රටක් එතන හිටියා නම් ඔවුන් කිසිම වෙලාවක මෙවැනි තීරණයක් ගනියි කියලා.”

ඊයේ තරගයේ දී ඇන්ජෙලෝ මැතිව්ස් පන්දුවට පහරදීමට කඩුල්ලට පැමිණීමට පරක්කු වූ බවට බංග්ලාදේශ ක්‍රීඩකයින් පැමිණිලි කිරීමත් සමඟ Time Out යනුවෙන් දන්වමින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කරනු ලැබුවා.

  1. WESA BANGALIYAN TA TEST WARAM ARAN DENNA MULUNE INDIA SAHA APE RATA. PAKISTAN EPA KIATHDHI APE MUSALA SLC UNTA EKA GANNA UDAW KALA. HARIMA APIRISIDU INNA THANA WATETAMA KARA KARA KELA GAHANA KATHA KARANA WACHANA 10KIN 6-7K MA KUNUHARUPA WACHANA DANA, WEDAGATH LESA KATHA NOKARANA JADA JATHIYAK CRICKET WANI MAHATHMA KREEDAWAKATA ENNA UDAWU KALA APE MUSALAYO DAN MOKADHA KIYANNE. MATCH PERADILA APAHU BANGALIYANTA GIYA JADA HATHURUSINGHA ALI GANNA NA SLC EKE SAHA SPORT MINISTRY EKEN, NATHUWA APE TEAM EKEN NOWEYI.

  2. He played 15 years cricket. He had time to do shopping , find clothes to go for parties. Only thing he did not have time is to check his helmet . Jokers of the nation. Why we pay for these cricketers and managers.

  3. කමක් නෑ… ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෑ… ක්‍රිකට් කියල දෙයක් නෑ කියල හිත හදන් ඉන්නෙ අපි..😁😁