AFC Banner
Empty Ad
Empty Ad

සධීර සමරවික්‍රමට පුහුණු සැසිය මඟ හැරෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු සධීර සමරවික්‍රමට මුම්බායි හි ඊයේ (01) පැවති පුහුණු සැසියට සහභාගී වීමට නොහැකි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු අතේ ඇඟිල්ලක ඇති වී තිබෙන ආබාධයක් හේතුවෙන්.

එංගලන්තයට එරෙහිව පැවති තරගයේ දී සධීර පන්දුවට පහරදෙමින් සිටිය දී ඇඟිල්ලේ ආබාධයකට ලක් වූ අතර, එය ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයේ දී පන්දු රකිමින් සිටින විට තරමක් දරුණු වුණා.

ඒ, හේතුවෙන් ඔහුගේ එම ඇඟිල්ලට මැහුම් දැමීමට ද අවශ්‍ය වූ බවයි ඉන්දියාවෙන් වාර්තා වුණේ.

මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ දී මුම්බායි හිදී පැවති පුහුණු සැසියට එක්වීමේ අවස්ථාව් සධීරට මඟ හැරී ගියා.

කෙසේ වෙතත් ඔහු අද (02) ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගය සඳහා ඔහු ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
1
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?