නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ එඩ්වර්ඩ්ස් නෙදර්ලන්තයේ ලකුණු පුවරුව 245කට කරකවයි

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 15 වැනි තරගයේ දී ප්‍රතිවාදී නෙදර්ලන්තයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජයග්‍රහණයට ලකුණු 246ක ඉලක්කයක් හිමි වුණා.

මෙම තරගය අද පස්වරු 02 ට ආරම්භ වූයේ ඉන්දියාවේ ධර්මසාලා ක්‍රීඩාංගණයේ දියි.

නමුත් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමටත් ප්‍රමාද කරමින් වර්ෂාපතනය ඇද හැලුණා.

එමෙන්ම තරගය වරින්වර නතර කිරීමට ද සිදු වු අතර, පන්දුවාර 43කට පමණක් තරගය සීමා කිරීම ද සිදුවුණා.

කෙසේවෙතත් කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක බවුමා තීරණය කළේ පළමු ව ලකුණු පුවරුව ගොඩනැගීමේ වගකීම නෙදර්ලන්තයට ලබාදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්තයේ පළමු කඩුලු තුනම ලකුණු 60ක් වන විට බිඳී ගොස් තිබුණා.

ලකුණු ලබා ගැනීමේ අර්බුදයකට ලක් වී සිටි නෙදර්ලන්ත ඉනිම ප්‍රවේසම්කාරී ව ගොඩගනිමින් නායක ස්කොට් එඩ්වර්ඩ්ස් විශිෂ්ට ඉනිමක් ප්‍රවේගකාරී අයුරින් ක්‍රීඩා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

පන්දුවාර 20ක් වන විටත් කඩුලු 05ක් බිඳ වැටී තිබියදී පවා පන්දු වාර 50 ම ක්‍රීඩා කරමින්, කණ්ඩායමෙන් සැලකිය යුතු ආකාරයේ ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමටයි නායක එඩ්වර්ඩ්ස් කටයුතු කළේ.

එඩ්වර්ඩ්ස් අද දිනයේ දී පන්දු 69කදී හතරේ පහර 10 ක් සහ එක් හයේ පහරක් සමග ලබාගත්තේ ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 14 වැනි අර්ධ ශතකයයි.

ස්කොට් එඩ්වර්ඩ්ස් නොදැවී ලකුණු 78 යි.

එඩ්වර්ඩ්ස්ට අනගි සහායක් ලබාදීමට යම්තාක් දුරකට හෝ පිටියට වරින්වර පැමිණි පසුපෙළ පිතිකරුවන් උත්සාහ දැරුවා.

Roelof van der Merwe ලකුණු 29කින් ද, Aryan Dutt නොදැවී ලකුණු 23ක් ‍රැස් කළේ දැවැන්ත හයේ පහර 03ක් එල්ල කරමින් ඔවුන් සිය නායකයාට ලකුණු පුවරුව ගොඩනැගීමේ සටන වෙනුවෙන් දිරිදෙනු ලැබුවා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී Lungi Ngidi, Marco Jansen, Kagiso Rabada කඩුලු 02ක බැගින් බිඳ දැමීමට සමත් වූ අතර, එක් කඩුල්ල බැගින් Gerald Coetzee සහ Keshav Maharaj විසින් දවාගත්තා.

දැනටමත් පැවති තරග සියල්ල ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින දකුණු අප්‍රිකාවට තවදුරටත් පෙරමුණේ රැඳීමට නම් අද තරගය ජය ගැනීම වැදගත් වනවා.

තරගය ජය ගැනීම සඳහා දකුණු අප්‍රිකාවට පන්දු 300ක් සහ කඩුලු 10ක් තුළ ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 246ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07