විපක්ෂ නායකගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)

ආගම් සහ ජාතීන් අතර ආරවුල් නිර්මාණය වෙමින් පවතින අතර විවිධ භූගෝලීය බල ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජාතිය සහ ආගම ගැන කතා කරමින් මෙම ආරවුල් නිර්මාණය කරන්නේ දේශපාලනඥයින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔවුන්ගේ අපේක්ෂාව ඒ තුළින් ඡන්දය ලබා ගැනීම වන අතර ජනාධිපති සිහින ඇති මෙම පිරිස් ජාතීන් ආගම් අතර ආරවුල් ඇති කිරීමේ අරමුණ 2019 වසරේ දී මෙන් නැවත වරක් ජනතාව රැවටීමට බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායක මේ බව කියා සිටියේ දොඩම්ගස්ලන්ද මාලිගාතැන්න ශ්‍රී ශෛලතලාරාම විහාරස්තානයේ චෛත්‍ය විවෘත කිරීම අවස්ථාවට එක්වෙමින්.

මෙම දේශපාලන නායකයන් සුදුසු ගුණයේ නොපිහිටා කෙසේ හෝ බලය ලබා ගෙන ජනාධිපති අගමැති ධුර ලබා ගැනීමට උත්සාහ කරන අතර ඔවුන් නතාවට බොරු පොරොන්දු ලබා දී බලය ලබා ගැනීමට උත්සාහ කරන බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

වෛද්‍ය සාෆි විසින් වඳ සැත්කම් සිදු කළ බවට පසුගිය ජනාධිපතිවරණ සමයේ විවිධ චෝදනා කරමින් ජාති භේද ඇවිස්සූ බවත් අවසානයේ වෛද්‍ය සාෆි නිවැරදි බවට සනාථ වූ බවත් ඒ නිසා සම්බුද්ධ සාසනය සුරක්ෂා කිරීමට නම් සියලුදෙනා ජාති, ආගම්, ජන කොට්ඨාස අතර ඇති බැඳීම ශක්තිමත් කළ යුතු බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14