විපක්ෂ නායකගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)

ආගම් සහ ජාතීන් අතර ආරවුල් නිර්මාණය වෙමින් පවතින අතර විවිධ භූගෝලීය බල ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජාතිය සහ ආගම ගැන කතා කරමින් මෙම ආරවුල් නිර්මාණය කරන්නේ දේශපාලනඥයින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔවුන්ගේ අපේක්ෂාව ඒ තුළින් ඡන්දය ලබා ගැනීම වන අතර ජනාධිපති සිහින ඇති මෙම පිරිස් ජාතීන් ආගම් අතර ආරවුල් ඇති කිරීමේ අරමුණ 2019 වසරේ දී මෙන් නැවත වරක් ජනතාව රැවටීමට බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායක මේ බව කියා සිටියේ දොඩම්ගස්ලන්ද මාලිගාතැන්න ශ්‍රී ශෛලතලාරාම විහාරස්තානයේ චෛත්‍ය විවෘත කිරීම අවස්ථාවට එක්වෙමින්.

මෙම දේශපාලන නායකයන් සුදුසු ගුණයේ නොපිහිටා කෙසේ හෝ බලය ලබා ගෙන ජනාධිපති අගමැති ධුර ලබා ගැනීමට උත්සාහ කරන අතර ඔවුන් නතාවට බොරු පොරොන්දු ලබා දී බලය ලබා ගැනීමට උත්සාහ කරන බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

වෛද්‍ය සාෆි විසින් වඳ සැත්කම් සිදු කළ බවට පසුගිය ජනාධිපතිවරණ සමයේ විවිධ චෝදනා කරමින් ජාති භේද ඇවිස්සූ බවත් අවසානයේ වෛද්‍ය සාෆි නිවැරදි බවට සනාථ වූ බවත් ඒ නිසා සම්බුද්ධ සාසනය සුරක්ෂා කිරීමට නම් සියලුදෙනා ජාති, ආගම්, ජන කොට්ඨාස අතර ඇති බැඳීම ශක්තිමත් කළ යුතු බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?