කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවූ නිල් මැණිකක් රුපියල් කෝටි 43කට වෙන්දේසියේ දී අලෙවි වී තිබෙනවා.
‘බ්ලූ සැෆායා’ වර්ගයේ මෙම මැණික් ගල කැරට් 99ක් බවයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරියෙක් සඳහන් කළේ.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම වටිනා නිල් මැණික කහවත්ත ප්‍රදේශයේ දී වෙන්දේසි කෙරුණු අතර ඊට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රකට මැණික් ව්‍යාපාරිකයන් රැසක් එක්ව සිටියා.
ඒ අනුව වැඩිම ලංසුව තැබූ පැල්මඬුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් රුපියල් කෝටි 43ක් ගෙවා මැණික මිලදී ගෙන තිබෙනවා.













