ඉදිරි දිනවලදී හිඟයකින් තොරව ත්‍රිපෝෂ බෙදා හැරීමට පියවර

ත්‍රීපෝෂ නිෂ්පාදනය යථා තත්ත්වයට පත්ව ඇති බැවින් ඉදිරි දිනවලදී හිඟයකින් තොරව බෙදා හැරීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ පසුගිය කාලය තුළ ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යවල හිඟකම හේතුවෙන් නිෂ්පාදනය අඩාල වූ බවයි.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්….

“2023 ජූලි මස 07 වැනිදා වන විට ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ් කර්මාන්ත ශාලාවේ සේවකයින් මෙන්ම යන්ත්‍ර සූත්‍ර උපරීම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බවත්,එම ධාරිතාවයෙන් ත්‍රීපෝෂ නිෂ්පාදනය සිදු වන බවත් දන්වා සිටිමි. පසුගිය වකවානුව තුළ ත්‍රීපෝෂ නිෂ්පාදනය සදහා අවශ්‍ය ප්‍රමිතියෙන් යුත් මූලික අමුද්‍රව්‍ය වන බඩ ඉරිගු සපයා ගැනීම සම්බන්ධව පැවති ගැටළුවක් මෙන්ම අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා ගැනීමේ ගැටළු හා බාධක මැද ත්‍රී පෝෂ නිෂ්පාදනය ඉදිරියට රැගෙන යන ලදී. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය හා පුද්ගලික අංශයෙහි ආයතනයක් මැදිහත් වීම මත ත්‍රීපෝෂ නිෂ්පාදනය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය සයන ලදී. එමෙන්ම මෙම වසරේ ඉදිරි මාස කීපය සදහා ප්‍රධාන අමුද්‍රව්‍ය වන බඩ ඉරිඟු සහ සෝයා බෝංචි අඛණ්ඩව සැපයීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇති අතර,මේ වන විට එම අමුද්‍රව්‍ය ත්‍රීපෝෂ ආයතනය වෙත ලැබෙමින් පවතී.

දැනට ත්‍රීපෝෂ ප්‍රතිලාභීන් වන ගර්භණී සහ කිරි දෙන මව්වරුන්ට ලබා දෙන ත්‍රීපෝෂ පැකට් මෙන්ම වයස අවුරුදු 03 ට වඩා වැඩි දරුවන්ට ලබා දෙන ත්‍රීපෝෂ පැකට් ලබා දීම සිදු කරයි. නමුත් මාස 06 සිට අවුරුදු 03 දක්වා වන දරුවන්ට ලබා දෙන ත්‍රීපෝෂවලට අදාළ නිර්ණායකයන්හී පවතින පරස්පරතාවයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සමග සාකච්ඡා වට පැවතියත්, ඒ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් හෝ විසදුමක් ලැබී නොමැත. එබැවින් මේ සම්බන්ධ කැබිනට් සංදේශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පාර්ලිමේන්තුවට යොමු කිරීම පිණිස යොමු කොට ඇති මුත්,මේ වන තෙක් ඒ සදහා විසදුමක් ලබා දී නොමැති අතර,එම නිර්ණායක සම්බන්ධ ගැටළුවට විසදුමක් ලබා දෙන්නේ නම් මාස 06 ත් අවුරුදු 03 ත් අතර දරුවන්ට ත්‍රීපෝෂ සැපයීමේ හැකියාවද අප ආයතනය සතු වේ”.

01 copy scaled
  1. අපිත් මෙම නිෂ්පාදනය මෑත දී ආහාරයට ගත්තා. අපේ කුඩා කල දැක්ක ප්‍රමිතියට ම සකස් කරලා තිබීම ගැන සතුටු වෙනවා. සාමාන්‍ය මහජනතාවට බෙදා බෙදාහරින සුපෝශ වෂ වල වර්තමාන මිලත් අනෙකුත් මිල ගනන් වගණන් වගේම අඩු විය යුතු යැයි මතක් කර සිටිනවා. මේ වන විට ග්‍රෑම් හත්සිය පනහක පැකට් එකක් රුපියල් හයසිය විස්සක් විතර වෙනවා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56