AFC Banner
Empty Ad
Empty Ad

පෙම්වතාව පැහැරගෙන ගිය පෙම්වතිය සොයා පොලිස් පරීක්ෂණ

ප්‍රේම සම්බන්ධතාවයට පිටු පෑ බව කියන තරුණයෙකු පැහැරගෙන යාමේ පුවතක් පානදුර, පින්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධතාවය පැවැත් වූ බව කියන තරුණිය විසින් ඔහුව මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

පැහැරගැනීමට ලක්වූ බව කියන තරුණයා සහ තරුණිය පෙම්වතුන්ව සිට ඇති බවත්, තරුණියව විවාහ කර ගැනීමට තරුණයා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සමඟ ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති තරුණිය පින්වත්ත ප්‍රදේශයේ දී තරුණයා පැහැරගෙන ගොස් පාළු නිවසක සඟවාගෙන සිට නැවත මුදාහැර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පැහැරගැනීමට සම්බන්ධ තරුණිය ආරක්ෂක අංශයකට සම්බන්ධ තරුණියක් වන අතර, ඇය සහ මෙම සිද්ධියට සම්බන්ධ අනෙකුත් පුද්ගලයි සොයා පොලිසිය මේ වනවිට විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
39
+1
3
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?