මිනුවන්ගොඩ බන්ධනාගාර නියාමකවරයාගේ නිවසට පැන්න තවත් 3ක් අල්ලයි

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර නියාමකවරයෙකුගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී නිවැසියන් බිය ගන්වා පහරදීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මෙම සිද්ධියට අදාළව නුවරඑළිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරියා ඇතුලු සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම්වලදී ලැබුණු තොරතුරුවලට අනුවයි.

පසුගිය මැයි මස 12 වනදා සැකකරුවන් බන්ධනාගාර නියාමකවරයාගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී නිවැසියන් බිය ගන්වා ගිනි අවියකින් සහ අතින් පයින් පහරදීම සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

ඊට අදාළ සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 28 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ නවාතැන්පොළක රැඳී සිටියදීයි.

අධිකරණයෙන් ලබා ගත් රැඳවුම් නියෝග මත එම පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබුවා.

ඒ අනුව ඔවුන්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් තුන් දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහතුඩුව, බියගම සහ සපුගස්කන්ද ප්‍රදේශවලදීයි.

ඔවුන් අපරාධය සඳහා පැමිණි වෑන් රථය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් පරීක්ෂා කිරීමේදී එක් අයෙක් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 49යි මිලිග්‍රෑම් 71ක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අවුරුදු 25, 28 සහ 41 වයස්වල පසුවන සැකකරුවන් බියගම, හෙයියන්තුඩුව සහ කිරිවත්තුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඉන් සැකකරුවන් දෙදෙනෙකු සහ වෑන් රථය වැඩිදුර විමර්ශන සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පෙරේදා (28) නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ ලැගුම්හලක සිටියදී මෙම සිද්ධියට සම්බන්ධ යුද හමුදා නිලධාරියා ඇතුළු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ අංකය මකා දමන ලද T56 ගිනි අවියක්, එම පතොරම් 30ක් සහිත මැගසිනයක්, අවියට යොදන තවත් පතොරම් 108ක්, පිස්තෝල අවි දෙකක්, එහි මැගසින් 3ක් සහ එම අවියට යොදන පතොරම් 296ක් සමගින්.

එම සැකකරුවන් දෙදෙනා බියගම සහ අතුරුගිරිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 36 සහ 39 වයස්වල පසුවන දෙදෙනෙක්.

අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටින ප්‍රධාන සැකකරුට නීති විරෝධීව ගිනි අවි සන්තකයේ තබා ගැනීම, මනුෂ්‍ය ඝාතන සඳහා ආධාර අනුබල දීම, නිවසකට අයුතු ලෙසට ඇතුළු වී ගිනි අවි පෙන්වා මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙනවා.

රත්නපුර ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක දැනට සේවයේ යෙදී සිටින බියගම ප්‍රදේශයේ පදිංචි යුද හමුදා කපිතාන්වරයෙකු වන අනෙක් සැකකරු නීති විරෝධී ගිනි අවි සහ පතොරම් සන්තකයේ තබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇති T56 ගිනි අවිය ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත පසුගිය 20 වනදා හෝමාගම නියඳගල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් ගිනි අවිය බවට ද සිදු කරන ලද විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51