සරසවි ආචාර්යවරුන්ගේ තනතුරු වෙනසක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බරණ ජයවර්ධන මහතා පත් කර තිබෙනවා.

ඒ, කැලණිය විශ්වවිද්‍යාලයේ ඊයේ පැවැති නිලවරණයේදී යි.

එහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව ලේකම්වරයා ලෙස පත්ව ඇත්තේ, ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා යි.

එම සම්මේලනයේ නව භාණ්ඩාගාරික ලෙස ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතා පත්ව තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව මාධ්‍ය ප්‍රකාශවරයා වන්නේ, එහි හිටපු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතායි.



අපගේ නවතම වීඩියෝ පුවත්