දේශබන්දුගේ පෙත්සමේ තීන්දුව ජූලි 23 වනදා දක්වා කල්යයි

අරගලකරුවන් ජනාධිපති මන්දිරය වැටලූ අවස්ථාවේ දී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව සැකකරුවකු ලෙස නම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමේ තීන්දුව ජූනි මස 23 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.

දීර්ඝ කරුණු විභාගයකින් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

අද (30) දින පෙත්සම් විභාගයේ දී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට කිසියම් පාර්ශ්වයක් අගතියට පත් වන්නේ නම් ඊට එරෙහිව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීම සාමාන්‍ය නීතිමය පටිපාටිය වුවත් පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එම නීතිමය පටිපාටිය මගහැර අභියාචනාධිකරණය හමුවට පැමිණීමට හැකියාවක් නොමැති බවත් රජයේ නීතිඥවරයා සදහන් කළා.

අරගලය සම්බන්ධ නඩුකරයේ දී කොටුව මහේස්ත්‍රාත්වරයා පක්ෂග්‍රාහී ආකාරයට කටයුතු කර ඇති බව පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය පෙත්සමෙන් සදහන් කර තිබුණ ද එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් රජයේ නීතිඥ වරයා පැවසුවා.

පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විදේශ ගමන් තහනම් කිරීම ඇතුළු සෙසු නියෝග සියල්ල මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද්දේ විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපතිවරයා, අගතියට පත් පාර්ශවයේ නීතිවේදීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව බවත් ජේෂ්ඨ රජයේ නීතිඥවරයා සදහන් කළා.

එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙවැනි නඩූකරයක දී අභියාචනාධිකරණයට පැමිණ සහන පැතීමට හැකියාව තිබෙන සඳහන් කළා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කළ අධිකරණය අනතුරුව මෙම නියෝගය නිකුත් කළා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30