අපනයන ආදායම පහළට

ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන ආදායම මෙම වසරේ මාර්තු මාසයේදී පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂණ ආයතනය පවසනවා.

එම ආයතනය විසින් නිකුත් කළ වාර්තාවට අනුව මෙරට ආනයන වියදම ද මාර්තු මාසයේ කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් ඇති බවයි දැක්වෙන්නේ.

මෙම වසරේ මාර්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථීක පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව පළමු වරට අමෙරිකානු ඩොලර් බිලියනක් ඉක්මවා ගිය වෙළෙඳ භාණ්ඩ අපනයනය 2023 වසරේ මාර්තු මාසයේදී යථා තත්ත්වයට පත්වී තිබෙනවා.

කෙසේවෙතත් මාර්තු මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනක් දක්වා 2%කින් සුළු පහළ යාමක් පෙන්නුම් කර ඇති බවටයි එහි දැක්වෙන්නේ.

මාර්තු මාසයේ අපනයන ආදායම පහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන ආදායමේ පහළ යාම හේතුවී තිබෙනවා.

අදාළ වාර්තාව මගින් ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන සඳහා අමෙරිකාව ඇතුළු යුරෝපා රටවල පැවති ඉල්ලුම අඩුවීමයි.

එමෙන්ම මෙරට ආනයන වියදම මාර්තු මාසයේ කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් තිබෙනවා.

මාර්තු මාසයේදී උත්සව සමයේ ඇතිවූ ඉල්ලුම සහ ඉන්ධන ආනයනය අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත්වීම ඊට හේතුවී ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

මේ අතර විදෙස්ගත ශ්‍රමිකයන් මේ වසරේ මාර්තු මසදී මෙරටට එවූ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 568ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මාර්තු මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඉහළ ගොස් ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 2.7ක් දක්වායි.

ඊට චීන මහජන බැංකුවෙන් ලැබුණු ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් අතර එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත් වනවා.

එමෙන්ම මාර්තු මාසයේ විදේශ විනිමය වෙළෙඳපොලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 451ක ප්‍රමාණයක් මහ බැංකුව මිලදී ගෙන ඇති බවයි අදාළ වාර්තාව මගින් මහ බැංකුව පෙන්වා දෙන්නේ.

මාර්තු මාසයේදී සංචාරක පැමිණීම 125,495ක් ලෙස සටහන් වු අතර වසරේ ගතවු මාස තුනක කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ තුන ඉක්මවා ගොස් තිබෙනවා.

මාර්තු මාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවලින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?