අපනයන ආදායම පහළට

ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන ආදායම මෙම වසරේ මාර්තු මාසයේදී පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂණ ආයතනය පවසනවා.

එම ආයතනය විසින් නිකුත් කළ වාර්තාවට අනුව මෙරට ආනයන වියදම ද මාර්තු මාසයේ කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් ඇති බවයි දැක්වෙන්නේ.

මෙම වසරේ මාර්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථීක පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව පළමු වරට අමෙරිකානු ඩොලර් බිලියනක් ඉක්මවා ගිය වෙළෙඳ භාණ්ඩ අපනයනය 2023 වසරේ මාර්තු මාසයේදී යථා තත්ත්වයට පත්වී තිබෙනවා.

කෙසේවෙතත් මාර්තු මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනක් දක්වා 2%කින් සුළු පහළ යාමක් පෙන්නුම් කර ඇති බවටයි එහි දැක්වෙන්නේ.

මාර්තු මාසයේ අපනයන ආදායම පහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන ආදායමේ පහළ යාම හේතුවී තිබෙනවා.

අදාළ වාර්තාව මගින් ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන සඳහා අමෙරිකාව ඇතුළු යුරෝපා රටවල පැවති ඉල්ලුම අඩුවීමයි.

එමෙන්ම මෙරට ආනයන වියදම මාර්තු මාසයේ කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් තිබෙනවා.

මාර්තු මාසයේදී උත්සව සමයේ ඇතිවූ ඉල්ලුම සහ ඉන්ධන ආනයනය අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත්වීම ඊට හේතුවී ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

මේ අතර විදෙස්ගත ශ්‍රමිකයන් මේ වසරේ මාර්තු මසදී මෙරටට එවූ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 568ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මාර්තු මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඉහළ ගොස් ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 2.7ක් දක්වායි.

ඊට චීන මහජන බැංකුවෙන් ලැබුණු ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් අතර එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත් වනවා.

එමෙන්ම මාර්තු මාසයේ විදේශ විනිමය වෙළෙඳපොලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 451ක ප්‍රමාණයක් මහ බැංකුව මිලදී ගෙන ඇති බවයි අදාළ වාර්තාව මගින් මහ බැංකුව පෙන්වා දෙන්නේ.

මාර්තු මාසයේදී සංචාරක පැමිණීම 125,495ක් ලෙස සටහන් වු අතර වසරේ ගතවු මාස තුනක කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ තුන ඉක්මවා ගොස් තිබෙනවා.

මාර්තු මාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවලින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38