වෙඩුක්කුනාරි කන්දේ ශිව පිළිමයක් තැන්පත් කිරීමට අවසර (ඡායාරූප)

වවුනියාව,නෙඩුන්කේනි,වෙඩුක්කුනාරි කන්දේ ශිව පිළිමය ඉවත් කළ ස්ථානයේ නව ශිව පිළිමයක් තැන්පත් කිරීමට අවසර ලබාදෙන ලෙසට වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (27) නියෝග කළ බව කෝවිලේ පාලක සභා නියෝජිතයින් පවසනවා.

වෙඩුක්කුනාරි කන්දේ පැවති ශිව පිළිමය කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් පසුගියදා ඉවත් කොට තිබු අතර,නැවත අදාළ ස්ථානයේ ශිව පිළිමයක් තැන්පත් කිරීමට ප්‍රදේශවාසීන් උත්සහ ගෙන තිබෙනවා.

එහිදි පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව,පොලිසිය හා අනෙකුත් ආයතන සඳහන් කොට තිබුණේ වෙඩුක්කුනාරි කන්ද පුරාවිද්‍යත්මක ස්ථානයක් වන බැවින් අදාළ ස්ථානයේ නව ඉදිකිරීම් හෝ වෙනස්කම් සිදුකිරීමට අවසර ලබාදිය නොහැකි බවත් ඊට විරුද්ධව ප්‍රදේශවාසීන් හා කෝවිලේ පාලක සභාව අධිකරණයේ නඩුවක් ගොනුකොට තිබු අතර, නඩු විභාගය ඊයේ(27) කැඳවා තිබුනා.

කෝවිල් පාලක සභාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ එම්.සුමන්තිරන් ඇතුළු නිතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර වෙඩුක්කුනාරි කන්දේ මීට පෙර ශිව ලිංගයක් පැවති ස්ථානයේ ශිව පිළිමයක් තැන්පත් කිරීමට අවසර ලබාදෙන අතර, අලුතින් කිසිදු ඉදිකිරීමට ස්ථාපිත නොකරන ලෙසට අධිකරණය නියෝග කළ බවද කෝවිල් පාලක සභාව පවසා තිබෙනවා.

පැරණි ශිව පිළිමය පැවති ස්ථානයේ අද (28) නව ශිව පිළිමයක් තැන්පත් කරන බවද කෝවිලේ පාලක සභාව සඳහන් කළ අතර වෙඩුක්කුනාරි කන්ද අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් ඝංඝාවාසයක් පවතින ස්ථානයක් වන බවත්, ඒ සම්බන්ධයෙන් වන ශිලා ලේඛන රාශියක් පවතින බවත් පුරාවිද්‍ය නිළධාරීන් සඳහන් කළ බව වාර්තා වෙනවා.

නෙඩුන්කේනි ප්‍රදේශවාසීන් පවසන්නේ අදාළ කන්ද හින්දු ජනතාවගේ ශිව කෝවිලක් පවතින ස්ථානයක් වන බවයි.

අදාළ මත හේතුවෙන් වෙඩුක්කුනාරි කන්ද සම්බන්ධයෙන් පසුගිය සමයේ අර්බුද රැසක් හටගෙන තිබූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

  1. The extremist in our archeological department create history in North/East destroying poor Tamil’s history and culture and acquiring thousands of acres of poor Tamil people already living in these areas.
    But scared to go to East as will get proper treatment. In the east one judge ordered these Vana Jeevi fellows who made a complaint not to go to the site and put a stop then and there. .

    At least this Tamil judge had courage to give the decision and must be appriciated.