ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශය චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජයට පවරයි

චීන සමූහාණ්ඩුවේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු විශාලතම ව්‍යාපෘතිය ලෙස මෙය සැලකෙන අතර එම බාහිර රෝගී අංශය ශ්‍රී ලංකා රජය වෙත පරිත්‍යාග කිරීම අද පෙරවරුවේ සිදු වූ බවයි වාර්තා වන්නේ .

මෙරට චීන තානාපති චි සෙන්හොන්ග් විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත මෙය නිල වශයෙන් භාර දී තිබෙනවා.

අලුතින් ඉදි කෙරුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ බාහිර රෝගී අංශය මහල් හතකින් යුත් අංගසම්පූර්ණ සහ නවීන තාක්ෂණයෙන් යුත් ගොඩනැඟිල්ලක් වන අතර මෙහි සියලු සායන කටයුතු, බාහිර රෝගී සැත්කම්, රසායනාගාර, බාහිර රෝගී ප්‍රතිකාර ,බහුවිධ පරීක්ෂණ අංශ ,හදිසි අනතුරු ශාලා සහ ඖෂධාගාර යන කටයුතු සියල්ල ඇතුළත්ය.

චීන සමූහාණ්ඩුව විසින් මෙය පරිත්‍යාගයක් ලෙස භාර දීම සඳහා පැවති උත්සවයෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මාධ්‍යවේදීන් වෙත පැවසුවේ,

මෙම බාහිර රෝගී අංශය විශාල පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා රජයට ලැබුණු බවත් මෙය මාසයක් ඇතුලත අංගසම්පූර්ණව සියලු පහසුකම් එක්කර වැඩ ආරම්භ කිරීමට නියමිත බවත් ය.

ඖෂධ හිඟය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ,

මේ වන විට කිසිම ඖෂධ හිඟයක් නොමැති බවත් එක් එක් රෝගීන් සඳහා අවශ්‍ය කරන ඖෂධ වල යම් හිඟයක් ඇති වුණත් දැනට එම ඖෂධ හිඟය මඟහරවා ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21