අදත් ප්‍රදේශ රැසකට සවස් කාලයේ දී වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 පමණ තරමක් තද වැසි ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.