ඉන්දියාවේ සිට නවසීලන්තයට පනින්න ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් අල්ලයි

විවිධ කඳවුරුවල සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් හය දෙනෙකු නවසීලන්තයට පලා යාමට දැරූ උත්සාහයක් තමිල්නාඩු පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යර්ථ කර තිබෙනවා.

ඉන්දීය පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ තූත්තුකුඩි දිස්ත්‍රික්කයේ කුලතුවයිපට්ටි කඳවුරේ කෙනුජන් (34), ජෙනිෆර් රාජ් (23), දිනේෂ් (18), බුවනේශ්වරී (40), ක්‍රිෂ්ණගිරි දිස්ත්‍රික්කයේ හෝසූර් අසල කෙලවරපල්ලි කඳවුරේ සිට සතිෂ්වරන් (32), සහ 36 හැවිරිදි දුෂ්‍යන්තන් සමඟ වෙල්ලෝර් දිස්ත්‍රික්කයේ ගුඩිමල්ලූර් කඳවුරේ ඉන්දියාවේ සිට නවසීලන්තය බලා යාමට උත්සාහ කර ඇති බවයි.

දුෂ්‍යන්තන් සහ බුවනේශ්වරී යන දෙදෙනා තවත් 4 දෙනෙකුට ඉන්දියාවේ සිට නවසීලන්තයට බෝට්ටුවකින් පිටත්ව යාමට පොරොන්දු වී මෙම ජාවාරම මෙහෙයවා ඇති බවටයි ඉන්දීය ආරක්ෂක අංශ සැක කරන්නේ.

මෙම පිරිස මයිලදුතුරෙයි දිස්ත්‍රික්කයේ පූම්පුහාර් ප්‍රදේශයේ බෝට්ටු හිමිකරුවෙකුගෙන් බෝට්ටුවක් මිලදී ගැනීමට සැලසුම් කර තිබූ බව ද සඳහන්.

දුෂ්‍යන්තන් නම් පුද්ගලයා ධීවරයෙකු ලෙස පෙනී සිටිමින් බෝට්ටු හිමිකරු වෙත පැමිණ ඉන්දීය රුපියල් ලක්ෂ 36කට බෝට්ටුවක් මිලදී ගැනීමට ඔහු සමඟ ගනුදෙනුවකට පැමිණ ඇතැයි සඳහන්.

රුපියල් ලක්ෂ 11ක අත්තිකාරමක් ද එම ශ්‍රී ලාංකිකයා විසින් ගෙවා තිබෙනවා.

මෙම ලංකික සරණාගතයින් හය දෙනාම දින තුනකට පෙර වේලන්කන්නියට පැමිණ ලැගුම්හලක නැවතී සිට ඇති අතර ලැබුණු බුද්ධි තොරතුරක් මත පොලිසිය ලැගුම්හලේ වැටලීමක් සිදු කර ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් සතුව තිබී රුපියල් 16,92,951කට ආසන්න මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර මෙම ජාවාරමට තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු ද සම්බන්ධ බවටයි ඉන්දීය පොලිසිය සැක කරන්නේ.

විමර්ශනයකින් අනතුරුව ඔවුන්ට එරෙහිව නඩු පවරන බව ද ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12