වන අලි තර්ජනයකට ලක්වූ රණවිරුගම (ඡායාරූප)

ඉපලෝගම රණජයපුර රණවිරු ගම්මානය මේ දිනවල පැය 24 පුරා වන අලින්ගේ තර්ජනයට ලක්ව ඇති බව එම ගම්මානයේ පදිංචිකරුවන් පවසනවා.

රණවිරුවන් වෙනුවෙන් මීට වසර 15කට පමණ ඉහතදී ඉදි කෙරුණ එම ගම්මානයේ මේ වනවිට රණවිරුවන් වෙනුවෙන් ඉදිවූ නිවාස 1500කට අධික ප්‍රමාණයක් පවතින අතර එහි ජනගහනය 7000ක් පමණ වන බව සඳහන්.

ඒ අතරින් වැඩි පිරිසක් කුඩා දරුවන් වන අතර ඊට අමතරව සටනේදී ආබාධිත වූ මෙන්ම විශ්‍රාම ලැබූවන් ද දැනට සේවාවේ නිරත රණවිරුවන් මෙම ගම්මානය තුල පදිංචිව සිටින බවයි අප වාර්තාකරු කියාසිටියේ.

දැනට වසර කිහිපයක මෙම ගම්මානය වන අලින්ගෙන් එල්ල වන තර්ජනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පවසන එම ගම්වැසියන් පෙන්වා දෙන්නේ මේ වනවිට දිවා රාත්‍රී දෙකෙහිම තම ගම්මානයට වන අලින්ගෙන් තර්ජන එල්ලවන බවයි.

ගම්මානයේ ආරක්ෂීව සදහා ඒ වටා විශේෂීත ආරක්ෂිත වැටක්ද ඊට අමතරව විදුලිවැටක් ද ඉදිකර ඇතැත් එම වැටවල් දෙකම කඩාගෙන මේ වනවිට වනඅලින් ගම්වැදීමට පුරුදුව සිටින බව එම ගම්වාසීන් පෙන්වා දෙනවා.

එලෙස ගම්වදින වන අලි එම ගම්මානයේ ගෙවතුවල ඇති කෙසෙල් පොල් ඇතුලු අනෙකුත් බව භෝග ද විනාශ කර තිබෙනවා.

රණජයපුර ගම්මානයට මේ වනවිට එල්ලව ඇති මෙම වන අලි තර්ජනය හේතුවෙන් මේ වනවිට එහි පදිංචිකරුවන් පත්වී ඇත්තේ දැඩි භීතියකටයි.

ඔවුන් පවසන්නේ ආබාධිත මෙන්ම විශ්‍රාමික රණවිරුවන්, රෝගීන් මෙන්ම විශේෂයෙන් කුඩා දරුවන් මෙම තත්ත්වය හේතුවෙන් දැඩි ජීවිත අවධානමකට ලක්ව සිටින බවයි.

ගම්මානයට කඩාවදින අලි රංචු ගම්මානයේ ගෙවතු හා මාර්ග ඔස්සේම ගමන් කිරීම එම අවධානම තවදුරටත් වැඩිකරවන බවද ඔවුන පෙන්වා දෙනවා.

රණජයපුර රණවිරු ගම්මානයේ වැසියන් ලෙස තමන් මුහුණ පා සිටින මෙම ගැටලුව සම්බන්ධයෙන් තමන් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා අනෙකුත් වගකිව යුතු අංශ වෙත පැමිණීලි කර ඇතත් තමන්ට පවතින මෙම වන අලි තර්ජනය සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් විසදුම් නොලැබුණු බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

එම ගම්මානයට යාබද රක්ෂිතයේ සිටින 70ක පමණ වන අලි රංචුවක් පෙරේදා රාත්‍රියේ එම ගම්මානයට කඩා වැදී ගෙවතු වගාවන්ට හානි කර තිබූ අතර ඊයේ දහවල් කාලයේ ද එම වනඅලි රංචුව එම ගම්මානයට ඇතුල්වීම උත්සහ කරන ආකාරය දැක ගැනීමට හැකිවූ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

පසුව එහි පැමිණි ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් එම වන අලි රංචුව කලාවැව දෙසට පලවා හැරීමට පියවර ගෙන තිබුණා.

කලාවැව ජාතික උද්‍යානයේ සිට රිටිගල හා මානෑකන්ද රක්ෂිත වෙත වන අලි ගමන් කරන සංක්‍රමණික මාර්ගයට යාබදව මෙම ගම්මානය පිහිටුවා ඇති බැවින් එම මාර්ගයේ ගමන්නා වන අලි රංචු මෙලෙස නිරන්තරයෙන් ගම්වදින බව පවසන ගම්වාසීන් ඊට විසඳුමක් ඉල්ලා සිටිනවා.

තම ගම්මානය වටා ඇති ආරක්ෂක වැට ද දැන් දිරාපත්ව කැඩී බිඳී ගොස් ඇති බැවින් එය නැවත ප්‍රතිසංස්කරණය කර විදුලිවැට ද ප්‍රතිසංස්කර ඒ වටා අගලක් හෝ කපා ගම්මානයට වන අලි ඇතුලුවීම වලක්වා දෙන ලෙසටයි ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51