කැන්ගරුවන් පැරදූ ඉන්දියානුවන් ටෙස්ට් තරගාවලියේ තව දුරටත් පෙරමුණේ

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරගය කඩුලු 06කින් ජය ගන්නට ඉන්දීය කණ්ඩායම අද (19) සමත් වුණා.

ඒ, අනුව තරග 04 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස පෙරමුණ ගන්නට ද ඉන්දියාවට හැකියාව ලැබුණා.

දිල්ලි හිදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේලියානුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 263ක්.

ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායමට පළමු ඉනිම සඳහා රැස්කරගත හැකි වූයේ ලකුණු 262ක් පමණයි.

ඉන්දීය පළමු ඉනිමට වඩා එක්‌ ලකුණක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹු ඕස්ටේලියානුවන්ට සාර්ථකවීමට රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් සුසංයෝගය ඉඩ ලබාදුන්නේ නැහැ.

අන්ත දෙකෙන්ම දැඩි තර්ගනයක් එල්ල කළ මෙම දඟ පන්දු යවන්නන් දෙදෙනා එක්ව ඕස්ටේලියානු දෙවන ඉනිමේ කඩුලු 10ම බිඳ දැමීමට සමත් වූ අතර, එහිදී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 07ක් සහ අශ්වින් ඉතිරි කඩුලු 03 දවා ගැනීමට සමත් වුණා.

ඒ, අනුව ඕස්ටේලියානු දෙවන ඉනිම ලියවී තිබුනේ සියල්ලන් දැවී ලකුණු 113ක් ලෙසයි.

ඉන් අනතුරුව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවට, චේටේෂ්වර් පුජාරා නොදැවී රැස්කළ ලකුණු 31 ට ස්තුති වන්නට පහසු ලෙස තරගය ජය ගන්නට හැකියාව ලැබුණා.

මේ අතර ඉන්දීය දෙවන ඉනිම අතරතුර දී විරාත් කෝලි ජාත්‍යන්තර ලකුණු 25,000 ලබාගත් වේගවත්ම පිතිකරුවා බවට පත්වීම ද විශේෂත්වයක්.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායම කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 115ක ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් තරගය අවසන් වීමට තවත් දින දෙකක් ඉතිරිව තිබිය දී මෙම තරගය ජය ගත්තා.

ඉනිම් දෙක තුළ දී ප්‍රතිවාදී කඩුලු 10ක් බිඳ දැමූ රවීන්ද්‍ර ජඩේජා මෙම තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?