කැන්ගරුවන් පැරදූ ඉන්දියානුවන් ටෙස්ට් තරගාවලියේ තව දුරටත් පෙරමුණේ

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරගය කඩුලු 06කින් ජය ගන්නට ඉන්දීය කණ්ඩායම අද (19) සමත් වුණා.

ඒ, අනුව තරග 04 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස පෙරමුණ ගන්නට ද ඉන්දියාවට හැකියාව ලැබුණා.

දිල්ලි හිදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේලියානුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 263ක්.

ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායමට පළමු ඉනිම සඳහා රැස්කරගත හැකි වූයේ ලකුණු 262ක් පමණයි.

ඉන්දීය පළමු ඉනිමට වඩා එක්‌ ලකුණක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹු ඕස්ටේලියානුවන්ට සාර්ථකවීමට රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් සුසංයෝගය ඉඩ ලබාදුන්නේ නැහැ.

අන්ත දෙකෙන්ම දැඩි තර්ගනයක් එල්ල කළ මෙම දඟ පන්දු යවන්නන් දෙදෙනා එක්ව ඕස්ටේලියානු දෙවන ඉනිමේ කඩුලු 10ම බිඳ දැමීමට සමත් වූ අතර, එහිදී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 07ක් සහ අශ්වින් ඉතිරි කඩුලු 03 දවා ගැනීමට සමත් වුණා.

ඒ, අනුව ඕස්ටේලියානු දෙවන ඉනිම ලියවී තිබුනේ සියල්ලන් දැවී ලකුණු 113ක් ලෙසයි.

ඉන් අනතුරුව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවට, චේටේෂ්වර් පුජාරා නොදැවී රැස්කළ ලකුණු 31 ට ස්තුති වන්නට පහසු ලෙස තරගය ජය ගන්නට හැකියාව ලැබුණා.

මේ අතර ඉන්දීය දෙවන ඉනිම අතරතුර දී විරාත් කෝලි ජාත්‍යන්තර ලකුණු 25,000 ලබාගත් වේගවත්ම පිතිකරුවා බවට පත්වීම ද විශේෂත්වයක්.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායම කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 115ක ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් තරගය අවසන් වීමට තවත් දින දෙකක් ඉතිරිව තිබිය දී මෙම තරගය ජය ගත්තා.

ඉනිම් දෙක තුළ දී ප්‍රතිවාදී කඩුලු 10ක් බිඳ දැමූ රවීන්ද්‍ර ජඩේජා මෙම තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රෑ කොළඹට වෙන්න යන දේ..
03:17
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
01:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන මහ බැංකුවේ අධිපති නන්දලාල් හෙළිකරයි..එයාලා සිස්ටම් වෙනස් කරලද දන්නේ නෑ
07:07
Video thumbnail
ගුරුවරියකගේ නොසැලකිල්ල නිසා සිඟිත්තියකට වුණ දේ..
10:22
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34