ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අඛණ්ඩව සහාය දෙන බව චීනය කියයි

ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුද විසඳීමට, ණය බර ලිහිල් කිරීමට සහ තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා අඛණ්ඩව ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීම වෙනුවෙන් අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව චීනය පවසනවා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියාසිටියේ, හොඳ අසල්වැසියෙකු සහ අවංක මිතුරෙකු ලෙස චීනය ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් දුෂ්කරතා සහ අභියෝග කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන අතර තම හැකියාව මත, උපකාර ලබා දෙන බවයි.

චීනය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වා දුන්නේ ගැටලුව නිසි ලෙස විසඳීම සඳහා ශ්‍රී ලංකා පාර්ශ්වය සමඟ සාකච්ඡා කිරීමේදී සිය මූල්‍ය ආයතනවලට සැමවිටම සහාය දුන් බවයි.

මෑතකදී, චීන අපනයන-ආනයන බැංකුව (China EximBank), ද්විපාර්ශ්වික නිල ණයහිමියෙකු ලෙස, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය වෙත මූල්‍ය ආධාර ලේඛන නිකුත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ණය දීර්ඝ කිරීමට කැමැත්ත පළ කර ඇතැයි ද පෙන්වා දී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉල්ලුම් කිරීම සඳහා චීන එක්සිම් බැංකුව ද සහාය පළ කළ බවයි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා කියාසිටියේ.

වර්තමාන දුෂ්කරතා මඟහරවා ගැනීමට ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම වෙනුවෙන් අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කර තිබෙනවා.

තම අසල්වැසියෙකු මෙන්ම සැබෑ මිතුරෙක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග සමීපව නිරීක්ෂණය කරන අතර ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා උපරිමයෙන් අපි සහයෝගය ලබා දී ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කර ඒවා නිසි පරිදි විසඳීමට අදාළ මූල්‍ය ආයතනවලට චීනය සහාය දක්වන බව ද ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවට පවතින අර්බුදය මඟ හරවා ගැනීමටත්, ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් උපකාර කිරීම සඳහා අඛණ්ඩව ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට අදාළ රටවල් සහ මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට සූදානම් බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?