AFC Banner
Empty Ad
Empty Ad

නව නිර්දේශ යටතේ IMF පහසුකම් ලැබූ ආසියාවේ පළමු රට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම (ECF) සහ විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) විධිවිධාන යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 3.3ක් පමණ මුදලක් ලබා දෙන මෙන් බංග්ලාදේශය කළ ඉල්ලීමට IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

එම අරමුදල්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 476 ක ප්‍රමාණයක් ක්ෂණිකව ලබා දීමට හැකියාව ඇති බව ඔවුන් නිවේදනය කර සිටිනවා.

IMF විධායක මණ්ඩලය විසින් අලුතින් නිර්මාණය කරන ලද ඔරොත්තු දීමේ සහ තිරසාර පහසුකම (RSF) යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් පමණ අනුමත කරන ලද අතර මෙම අවස්ථාව ලද පළමු ආසියානු රට බංග්ලාදේශය වීමත් විශේෂත්වයකි.

මාස 42ක වැඩසටහන තුළ සාර්ව ආර්ථික ස්ථායීතාව ආරක්ෂා කිරීමට, අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම, හරිත වර්ධනය පෝෂණය කිරීමට සහ සමාජ සංවර්ධන වියදම් සක්‍රිය කිරීම සඳහා මූල්‍ය අවකාශය නිර්මාණය කිරීම කෙරෙහි ප්‍රතිසංස්කරණ අවධානයට මෙමගින් හැකියාව ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

“නිදහස ලැබීමෙන් පසු බංග්ලාදේශය දිළිඳුකම අවම කිරීම සහ ජීවන තත්ත්වයන් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීම සඳහා ස්ථාවර ප්‍රගතියක් ලබා තිබෙනවා.

කෙසේ වෙතත්, COVID–19 වසංගතය සහ පසුව යුක්‍රේනයේ රුසියාවේ යුද්ධය මෙම දිගුකාලීන ශක්තිමත් ආර්ථික ක්‍රියාකාරිත්වයට බාධා කළේ ය.

එම බහුවිධ ගැටලු හේතුවෙන් බංග්ලාදේශයේ සාර්ව ආර්ථික කළමනාකරණය අභියෝගාත්මක කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?