හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු (වීඩියෝ)

සමුපකාර වෙළෙඳ අමාත්‍යවරයාව සිටිමින් රාජකාරියට පරිබාහිරව සිය සේවකයන් දේශපාලන කටයුතු සඳහා යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා වරෙන්තු නිකුත් කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන එම නඩුව අද (23) දින අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි එම තීරණය ලබා දුන්නේ.

එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු BMW වාහනේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (23) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටින බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ප්‍රකාශ කර සිටියා.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයට වරෙන්තු නිකුත් කළ අතර මෙම නඩුව ලබන ජනවාරි මස 27 වන දින නැවත කැඳවීමට නියම කෙරුණා.

වර්ෂ 2014 ජනවාරි මස 01 වන දින සිට දෙසැම්බර් මස 31 අතර කාලය තුළ සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාව සිටිමින් රාජකාරියට පරිබාහිර ලෙස සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට රුපියල් එක්කෝටි විසි අට ලක්ෂ හැත්තෑ හත්දහස් හයසි අනූ හයක (12,877,696.48) පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් පනතේ දූෂණය නමැති වරද යටතේ අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු , සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ට්‍රියන්තා ප්‍රනාන්දු හා එම ආයතනයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ කාජා මොහිදීන් මොහොමඩ් ශාකිර් යන අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා විසින් නම් කර තිබෙනවා.

  1. Law and order should be equal to everybody.
    This fellow is a well known currupt thug using political power of MAINA.
    If any prdinary person was hiding like this he will be physically tourcherd by police.
    The system should reform. Aprriciate the system change done by just three parlimentatians.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39