ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් ගැන අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක් (නිවේදනය හා වීඩියෝ)

මෙරට පිහිටි ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් පවතින බවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්‍යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

තානාපති කාර්‍යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ; මෙම ප්‍රහාරය පිළිබඳව විශ්වසනීය බුද්ධි තොරතුරු මේ වනවිට ලැබී ඇති බවයි.

මෙම ප්‍රහාරය ආරුගම්බේ සංචාරක ස්ථාන ඉලක්ක කරගනිමින් සිදුවිය හැකි බවටත් වාර්තා වනවා.

මෙම තර්ජන හේතුවෙන් සිය නිලධාරින්ට සහ සංචාරකයින්ට නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ බොක්ක වෙත සංචාරය කිරීම තහනම් කිරීමටයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්‍යාලය තීරණය කර ඇත්තේ.

එක්සත් ජනපදය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ; මේ සම්බන්ධයෙන් යම් කිසි
සැක සහිත තොරතුරක් වේ නම්; හදිසි අවස්ථා සඳහා ඇති ක්ෂණික ඇමතුම් අංක 119 ට අමතන ලෙසටයි.

සෑම විටම සුපරීක්ෂාකාරීව සිටින ලෙසත් තම වටපිටාව ගැන දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසට ද දැනුම්දී තිබෙනවා.

සම්පූර්ණ නිවේදනය මෙතැනින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32