රවී සෙනෙවිරත්න පාස්කු ප්‍රහාරයට වැරදිකරු ද නිවැරදිකරු ද? – ගම්මන්පිල යළිත් විජිතගෙන් විමසයි (වීඩියෝ)

2019 වර්ෂයේ අප්‍රේල් මස 21 වැනි දින එල්ල වූ මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව වෙනුවෙන් කැබිනට් අමාත්‍ය විජිත හේරත් මහතා කිසිදු අවස්ථාවක තමන් 21 වැනි දින ජනගත කළ ජනාධිපති විමර්ශන කමිටු වාර්තාවේ අන්තර්ගත කරුණු සාවද්‍ය බවට කිසිලෙසකින් සඳහන් නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

අද (23) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ; මෙම වාර්තාවෙන් විමසන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ; මේ වනවිට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඔහුට බුද්ධි සේවාවලින් ලැබුණු ප්‍රහාරය සම්බන්ධයෙන් වන තොරතුරු දින 12ක කාලයක් හෙළි නොකර, කිසිදු පියවරක් නොගෙන ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු ද නැත්නම් නිවැරදිකරු ද යන කාරණය පිළිබඳව බවයි.

පසුගියදා විජිත හේරත් අමාත්‍යවරයා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කර ඇති ජනාධිපති විමර්ශන කමිටු වාර්තාව ව්‍යාජ බවට සඳහනක් නොකරන බවත්; තමන්ගේ ප්‍රකාශය පිළිගැනීම ගැන පළමු ව සිය ස්තුතිය ද අමාත්‍යවරයා වෙත පුද කරන බව ද ගම්මන්පිල මහතා පැවසුවා.

අල්විස් වාර්තාවේ අඩංගු කරුණු පදනම් විරහිත හෝ අසත්‍ය කරුණු බවට හෝ කැබිනට් අමාත්‍යවරයා සඳහනක් නොකරන බවයි ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසුවේ.

කැබිනට් අමාත්‍ය විජිත හේරත් මහතා මතු කරන ප්‍රශ්නය වනුයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරු නොවුණ රවී සෙනෙවිරත්න විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරියක විසින් වරදකරු කරන්නේ කෙසේ ද යන වගයි.

ඊට පිළිතුරු ලබාදෙමින් ගම්මන්පිල මහතා පැවසුවේ; රවී සෙනෙවිරත්න මහතාට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පමණක් ගොනු වී තිබුණා මිසෙක නඩුවෙන් පිටත ඇති කරුණුවලට වැරදිකරු කිරීමට හෝ නිවැරදිකරු කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැරදිකරු නොවුණ ද විමර්ශන කමිටු වාර්තාවකින් අදාළ පුද්ගලයින් වැරදිකරු විය හැකි බවට ද හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14