ඉරානයේ ප්‍රබල භූ කම්පනයක්

ඉරානයේ වයඹ දිග තුර්කි දේශසීමාව ආසන්නයේ රික්ටර් මාපක 5.9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම භූ කම්පනයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ.

ඛෝයි නගරයේ පමණක් මේ වන විට තුවාල ලැබූ සංඛ්‍යාව 122ක්.

ඉරාන සහන සේවා නිලධාරීන් පැවසුවේ බටහිර අසර්බයිජාන් ප්‍රදේශයට ගලවා ගැනීමේ කණ්ඩායම් යොමු කර ඇති අතර රෝහල් සුදානමින් තබා ඇති බවයි.

භූ කම්පනයෙන් බලපෑමට ලක් වූ ඇතැම් ප්‍රදේශවල හිම පතනය වන අතර, විදුලි බිඳ වැටීම් ද වාර්තා වී තිබෙනවා.

දැනට වාර්තාවී ඇති තොරතුරුවලට අනුව භූ කම්පනය හමුවේ 300 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.

මෑත වසරවලදී ඉරානයේ ප්‍රබල භූමිකම්පා කිහිපයක් සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14