පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ විමර්ශනය සදහා මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) ඊයේ (19) වන දින රැස් වුණා.
එහිදි කරුණු රැසක් කෙරෙහි අවධානය යොමුවූ බවයි පාර්ලිමේන්තුවේ මාධ්‍ය ඒකකය කියාසිටියේ.
පාරිභෝගික අධිකාරියේ වගකීම පිළිබඳ මෙහිදී ප්‍රශ්න කෙරුණු අතර දැක්මට අනුව අධිකාරිය කටයුතු නොකරන බවටයි කෝප් කමිටුවේ අදහස වී ඇත්තේ. ඒ අනුව පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයට එම අධිකාරියට කටයුතු කළ හැක්කේ කෙසේ ද යන්න සති දෙකක් තුළ කෝප් කමිටුවට වාර්තා කරන ලෙසටයි දන්වා ඇත්තේ.
එමෙන්ම භාණ්ඩ මිල පාලනය කිරීමට සාම්ප්‍රදායික මිල පාලනයෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට ද පාරිභෝගික අධිකාරියට දැනුම්දී තිබෙනවා.
විශේෂයෙන්ම වර්තමානයේ බිත්තර මිල පාලනය පිළිබඳ කෝප් කමිටුවේ අවධානය යොමු වූ අතර වෙළඳ සහ කෘෂිකර්ම යන අමාත්‍යංශවල ලේකම්වරුන් දෙදෙනා අදාළ නිලධාරීන් සම්බන්ධීකරණය කර ගනිමින් දින 5ක් ඇතුලත බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් සැකසීම සහ ඒ අනුව බිත්තරයක් සඳහා අදාළ පිරිවැය ගණනය කරන ලෙසටත් උපදෙස් ලබාදී තිබෙනවා.
මේ පිළිබඳ විමසීමට අමාත්‍යංශ ලේකම්වරුන් ලබන බදාදා නැවත කැඳවීමටයි තීරණය කෙරුණේ.
1 – පාරිභෝගික අයිතිය ආරක්ෂා කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන ලෙසට යෝජනාවක්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වගකීම පිළිබඳව මෙහිදී කමිටුව ප්‍රශ්න කරන ලදී. පාරිභෝගියන් බලගැන්වීම, වෙළදාම විධිමත් කිරීම සහ යහපත් ප්‍රවර්ධන තුළින් පාර්භෝගික අයිතිවාසිකම් සුරැකීම කමිටුවේ ප්‍රධාන වගකීම් වුවද එම දැක්මට අනුව අධිකාරිය කටයුතු නොකරන බව කමිටුවේ අදහස විය. ඒ අනුව වෙළද, වානිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට කමිටුව නිර්දේශ කළේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට කටයුතු හැක්කේ කෙසේදැයි සති දෙකක් තුළ කෝප් කමිටුවට වාර්තා කරන ලෙසයි.
2 – භාණ්ඩ මිල පාලනය කිරීමට සම්ප්‍රදායික ක්‍රමෝපායන්ගෙන් ඔබ්බට ගිය වැඩ පිළිවෙලක්
භාණ්ඩ මිල පාලනය කිරීමට සම්ප්‍රදායික මිල පාලනයෙන් ඔබ්බට ගිය වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසද අධිකාරියට දන්වන ලදී. විශේෂයෙන් වත්මන් බිත්තර මිල පාලනය පිළිබද කමිටුවේ අවධානය යොමුවිය. මේ අනුව වෙළද සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශවල ලේකම්වරු දෙදෙනා අදාළ නිලධාරීන් සම්බන්ධීකරණය කරගනිමින් දින පහක් ඇතුළත බිත්තරයක මිල තීරණය කිරීම සදහා මිල සූත්‍රයක් සැකසීම සහ ඒ අනුව බිත්තරයක් සදහා අදාළ පිරිවැය ගණනය කරන ලෙසත් උපදෙස් ලබා දීම සිදුවිය. ඒ පිළිබදව විමසීමට අමාත්‍යාංශ ලේකම්වරුන් ලබන බදාදා නැවත කැඳවීම ද තීරණය කෙරිණි.
3 – බිත්තර මිල තීරණය කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණයට යෝජනා
ජනතාවට සහනදායි මිලට බිත්තර ලබා දීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණයට පවතින බාධා නිරාකරණය කරගැනීම සදහා එහිදී විසදුම් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී කාරක සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දන්වන ලදී.
බිත්තර ආනයනය වැළැක්වීම මගින් මහා පරිමාණ බිත්තර ව්‍යාපාරිකයන් අතලොස්සක් වෙනුවෙන් මෙරට සමස්ත මහජනතාවට අසාධාරණයක් සිදුවීමට ඉඩදිය නොහැකි බවත්මේ අනුව සියලු ආයතන සම්බන්ධීකරණයෙන් බිත්තර සදහා අවම මිලක් තීරණය කිරීම හෝ බිත්තර ආනයනය සදහා පියවර ගත යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.
බිත්තර සදහා පාලන මිලක් පවත්වාගනිමින් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සදහා මෙන්ම බිත්තර ආනයනය ඇතුළු කටයුතුවලදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ අදාළ අනෙකුත් ආයතන මනා සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.
4 – පාරිභෝගික අධිකාරියට කඩිනමින් ස්ථීර අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක්
පාරිභෝගික සේවා අධිකාරියට ස්ථිර අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීම සදහා කඩිනමින් කටයුතු කරන ලෙස ද උපදෙස් ලබා දීම සිදුවිය. දැනට වසර ගණනාවක් සිට පත්කර ඇත්තේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු බවද මෙහිදී අනාවරණය විය. හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය දෙසැම්බර් මස විශ්‍රාම යාමෙන් පසු මෙම තනතුර පුරප්පාඩුව පවතින බවත් කමිටුවේදී හෙළිවිය. අධ්‍යක්ෂ ජනරාල්වරයකු නොමැතිවීම තුළ පනතේ ඇතැම් බලතල ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බවද විගණකාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය. කෝප් සභාපතිවරයා මේ අනුව උපදෙස් දුන්නේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට ආයතනයේ ප්‍රධානතම තනතුරක් වන අධ්‍යක්ෂ ජනරාල් ධුරයට බදවා ගැනීම සදහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
එසේම සති දෙකක් තුළ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කරන ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
5 – අධිකාරියේ පනත යාවත්කාලීන කිරීම පිළිබඳ පිළිබද ගෙන ඇති ක්‍රියාමාර්ග සතියක් තුළ දන්වන්න
2003 අංක 09 දරන පාරිභෝගික අධිකාරි පනත යාවත්කාලීන කිරීම පමාවී ඇති බැවින් ඒ සදහා සැලසුම් කරන ක්‍රමවේදය සතියක් ඇතුළත කෝප් කමිටුවට වාර්තා කරන ලෙසත් සහ ඒ සදහා අමාත්‍යාංශ මට්ටමින් කමිටුවක් පත්කොට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් උපදෙස් ලබා දුන්නේය. මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පනත සංශෝධනය කිරීමේ ප්‍රගතිය පිළිබදව කමිටුවට දන්වා සිටියේය. මෙම පනත සංශෝධන කිරීම වසර 17 ක් පමණ පමා වී ඇති බැවින් එම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව කමිටුව විසින් අවධාරණය කරන ලදී.
6 – උපාධිධාරීන් වඩාත් ඵලදායි ලෙස යොදවා ගැනීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක්
අධිකාරියේ දැනට විවිධ වගකීම් දරණ උපාධිධාරීන් 400 කට ආසන්න ප්‍රමාණයක කාර්ය සාධනය සහ ඵලදායිතා මට්ටම් ඉහළ නැංවීම සදහා වන වැඩපිළිවෙලක් අදාළ පරිසාධන මට්ටම් දර්ශක සහිතව (KPIs) මාසයක් තුළ කෝප් කමිටුවට යෝජනා කරන ලෙසත් කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. එසේම පාරිභෝගික පැමිණිලි සදහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම හා ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ද අවධානය යොමුවිය. ඒ අනුව මෙම උපාධිධාරිහු පිරිස වඩාත් ඵලදායි ලෙස යොදවා ගැනීම සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමිටුවේදී අවධාරණය කෙරිණි.
7 – මාස තුනක් තුළ අපේක්ෂිත සංශෝධිත පනතට අනුකූලව සංයුක්ත සැලැස්මක්
අධිකාරිය සදහා මේවන තෙක් සංයුක්ත සැලැස්මක් නොමැති බැවින් ශක්‍යතාවයෙන් යුතු සංයුක්ත සැලැස්මක්, සංශෝධිත පනතට අනුකූලව මාස තුනක් තුළ සකස් කොට කමිටුවට වාර්තා කරන ලෙසත් කෝප් සභාපතිවරයා මෙහිදී දන්වා සිටියේය. ආයතනයේ පවතින ගැටලු , පාරිභෝගික ප්‍රශ්න, වැටලීම් යනාදිය මෙන්ම ආයතනයේ දැක්ම, අරමුණු සහ මෙහෙවර ක්‍රියාත්මක කිරීම ඉලක්ක කරගනිමින් මෙම සංයුක්ත සැලැස්ම ක්‍රියාත්මක විය යුතු බවද පෙන්වා දෙන ලදී.
8 – පර්යේෂණ ඒකකයක් සහ දත්ත බැංකුවක අවශ්‍යතාව
පාරිභෝගික සේවා අධිකාරිය තුළ නිශ්චිත පර්යේෂණ ඒකකයක් ආරම්භ කරන ලෙසද මෙහිදී දැනුම් දුන්නේය. අධිකාරිය විසින් සිය වගකීම් ඉටුකිරීමේදී නිරතුරුව නිෂ්පාදනය, වෙළදපොළ සහ පාරිභෝගික දත්ත පදනම් වන බැවින් වඩාත් නිවැරදී තීන්දු තීරණ ගැනීම සදහා පර්යේෂණ ඒකකයක අවශ්‍යතාව පෙන්වා දීම සිදුවිය. එසේම ආනයනය, නිෂ්පාදනය සහ ව්‍යාපාරවලට අදාළව දත්ත බැංකුවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡා විය.
9 – පාරිභෝගික අයිතීන් සුරැකීම සදහා අධිකාරිය සහ ඒ හා සම්බන්ධ විවිධ ආයතන සම්බන්ධීකරණය සදහා කඩිනමින් වැඩපිළිවෙලක් ස්ථාපිත කලයුතු බවට යෝජනාවක්.
පාරිභෝගික අයිතීන් සුරැකීම සදහා අධිකාරිය සහ ඒ හා සම්බන්ධ විවිධ ආයතන සම්බන්ධීකරණය සදහා කඩිනමින් වැඩපිළිවෙලක් ස්ථාපිත කලයුතු බවට ද කෝප් කමිටුව විසින් දන්වන ලදී.














OKANE SIR DANNA MACRO AD MICRO ECONOMY KARAGENA INNA ONANPATTA EE. ME NODANNA DESHAPALANA MADA KUNU ASHUCHI WALATA BAHINNE KISIMA KETHAK THETHAK NATHIWA. API NIBM INNA KALAYE DOCTOR BNDARA APITH EKKA APE KELLO BITE KARA KARA UGANWAPU HATI. KELLANGE NAM AHALA EKA AHUNE NATHI BAWA ANGAWALA NICK NAME, MOCK NAME DAPU HATI. API BADA ALLAN HINA UN HATI. MAWATH BITE KALA EKA CLASS EKAKADHI. GANAK NAHE. PANDU KOLLO SIR TA KINDIYA DAMMAMA KERAKILA YANA PATTA ECONIMICGANANK DUNNA, UNTA HITHA GANNATH BERI WENNA. APARADHE ME DESHAPALANA ASUCHI WALATA PANNE KOHOMA DHA OBA THUMA.
OKKOMA KUNU BERUWAL BOKKATA KIYUWALU. EKETH WERADDA ADHIKARIYE. ETHAKOTA OKA ATHULE INNA NAKI HAMPADA PARAYI 225 HEMA PRASHNEN MA HEMITA LISSALA YANAWA. UN 5 PAWUMA KARANNA DANNAWA. GODAK EWUN MINEE MARUWO, 90% HORU, HEMA EKATA WAGEYI HORA GENU, HORA PAWUL. KATA ARIYOTH KIYANNE BORU, BONAWA NOWEYI NANAWA, LOCAL NOWEYI FOREIGN EWA. BAR LICENSE THIYENAWA LU EKATA 200K. PARLIMENTHUWAK AWASHAYA NETHA. UGATHUN BUDHIMATHUN VIYATHUN SAHA MAHAJANA NOYOJITHAYIN GEN SADUM LATH MANDALA HO SABHA MAGIN AWUDURU 5-10 PALANYA KARA RATA GODA DANNA.