වේග පන්දු යවන ක්‍රීඩකයෙකු දිවි ගමනට සමුදෙයි

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වූ සිද්ධාර්ත් ෂර්මා පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පසුගිය සති දෙක තුළ කෘතීම ශ්වසන උපකරණ ආධාරයෙන් සිටි 28 හැවිරිදි ඔහු බහු අවයව අක්‍රිය වීමකට ගොදුරු වී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහුගේ දේහය රෝහලේ සිට ගුවන් මගින් චන්දිගාර් වෙත ගෙන යන ලද අතර පසුව ඔහුගේ උපන් ගම වූ උනා හි ආදාහනය කර තිබෙනවා.

හිමාචල් ප්‍රදේශ් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වන සිද්ධාර්ත් අවසන් වරට බෙංගාලයට එරෙහිව දෙසැම්බර් මාසයේදී ඊඩ්න් ගාර්ඩ්න්හිදී ක්‍රීඩා කළ අතර පළමු මෙන්ම දෙවන ඉනිම්ව්ලදී දස්කම් දැක්වීමට සමත් වුණා.

තවත් ප්‍රාන්ත කණ්ඩායමකට එරෙහි තරගයක් සඳහා කණ්ඩායම සමඟ වඩොද්‍රා බලා යමින් සිටියදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙනුයි රෝහල් ගත කෙරුණේ.

සිද්ධාර්ත්ට නිසි ප්‍රතිකාර ලබා දීම සහතික කිරීම සඳහා ධුමාල් බරෝඩා ක්‍රිකට් සංගමය දැඩි කැපවීමක් සිදුකර තිබෙනවා.

සිද්ධාර්ත් 2017-2018 අතර කාලයේ හිමාචල් ප්‍රදේශ් වෙනුවෙන් සිය පළමු පෙළ තරගාවල ක්‍රීඩා කළ අතර එතැන් සිට රංජි කුසලානයේ ක්‍රීඩා කර කඩුලු 25 ක් දවාගෙන තිබෙනවා.

ඔහු 2021 වසරේ දී ඔහුගේ පළමු A කාණ්ඩයේ තරඟාවලිය වන Vijay Hazare කුසලානයට සහභාගී වූ අතර තරග හයක් තුළ කඩුලු 8ක් දවා ගනු ලැබුවා. එම තරගාවලියේදී ඔහුගේ දක්ෂතා කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රබල බලපෑමක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16